සිංහලේ දෙමලේ මරක්කලේ ලේ රතුයි රතුම රතුයි සහෝදරයා මෙන්න ලස්සන කතාවයි. මෙය තමයි අපි පතන ලෝකය!
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියහ.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමන ලදි.
කලා කරුවන් වශයෙන් අප ජනපති අනුර සහෝද ආණ්ඩුවට සහෝදරත්වයෙන් කළ උපකාරයට අපගේ ආචාරය!