ලක්ෂ දෙකකට සෙත! මන්නාරම රෝහල දියුණු කරන්නට ජනමාධ්‍ය ඇමති මුල් වෙයි!මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සංව ර් ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ අදියර කිහිපයකින් රෝහල සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් පසු අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.මේ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙලක්ෂයකට ආසන්න ජනතාවට තෘතීයික සෞඛ්‍ය සත්කාර සේවා සපයන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරන බව ද හෙතෙම පැවසී ය.ඒ යටතේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබා දීම සිදු කළ බවත් මෙයට අමතරව රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මධ්‍යම රජයෙන් රුපියල් මිලියන 500 ක මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව එම මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 250 ක් මෙම වසරේ දී ම ලබා දීමටත්, ඉතිරි මිලියන 250 ලබන වසරේ දී ලබා දීමටත් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.ඉන්දීය රජයේ මූල්‍යමය දායකත්වයෙන් රුපියල් මිලියන 600 ක වටිනාකමකින් යුතු ව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට යෝජිත ස්ථානය ද මෙහි දි අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.