ලංකා සම සමාජ පක්ෂය ප්‍රමුඛ සම සමාජ ජාතික සංවිධානය ලෙස මෙවර සම සමාජ මැයි රැළිය කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී සවස 2.00 ආරම්භ බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහා චාර් ය තිස්ස විතාරණ මහතා පැවසීය.
ඊයේ (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
ලංකා සම සමාජ පක්ෂ මුලස්ථානය පිහිටි ඉබ්බන්වල කාර්යාලය අභියස සිට පෙළ පාළිය දහවල් 12.00 ට ගමන් කරන බව ද ඒ මහතා කීය.
සම සමාජ මැයි දින සැමරුමට සමගාමීව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද ලංකා සම සමාජ මැයි දින සැමරුම් කිහිපයක් සමරන්නට අප මෙවර පියවර ගෙන තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.