මේ වන විට රට හමුවේ ඇති දැවැන්ත ආර් ථික අර් බු දයක් සම්බන්ධයෙන් දිනන දකුණ දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය දැනුවත් කිරීමක් සිදු කළේ ය.
2028 දී නැවත විදේශ ණය ගෙවීම ආරම්භ කරන විට පවතින ණය ආර් ථිකයෙන් මිදීමට රජයට වැඩ සටහනක් තිබේ ද රට හමුවේ ඇති දැවැන්ත බරපතල අ ර් බු දයක් බව දිනන දකුණ දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහික ය පැවසීය.
අනුරට බෑ: 2028 ණය ආපසු ගෙවීම හමුවේ මාලිමා ආණ්ඩුවේ දුගී බව යන තේමාව යටතේ දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙම කරුණු ද අවදාරණ ය කෙරිණි.
2028 දී නැවත විදේශ ණය ගෙවීම ආරම්භ කරන විට පවතින ණය ආර්ථිකයෙන් මිදීමට රජයට වැඩ පිළි වෙලක් තිබේ ද?
ඒ සඳහා වන ශක්තිමත් ආර්ථික දැක්මක් රජයට තිබේ ද? (රනිල්ගේ චින්තනයෙන් හෝ IMF පරිවාසයෙන් ඔබ්බට යන)
2025 සිට 2028 දක්වා වසර 03ක කාලය තුළ ඒ සඳහා වන අඩිතාලම මේ වන විට රජය දමමින් සිටීද?
රජයේ සහ අප ඉදිරියේ ඇති අභියෝගය රැසක් ඇති බව ද දැක්විය හැකි ය. 2028 දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 3.107 කි. මෙම මුදල තුළ මුළු මුදලට අදාල වාර්ෂික ප්‍රාථමික ණය වාරිකය ඩොලර් බිලියන 2.133කි.
මුළු මුදලට අදාළ වාර් ෂික පොලිය,ඩොලර් මිලියන 974 කි.
මෙම පසුබිම තුළ රටේ ණය ආ ර්ථිකයට දැනටමත් සිදු වන පීඩනය ඉතා බරපතල වේ.
ඒ අනුව 2025 දී ශ්‍රී ලංකාවේ ඇස්ත මේන්තු ගත ආදායම රුපියල් බිලියන 5012 යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 16.7 ක් පමණ වේ.
2025 දී ශ්‍රී ලංකාවේ අයවැය හිඟය රුපියල් බිලියන 2200 යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 7.3 ක් පමණ වේ.
2024 දී ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය (යුරෝපීය මුදල් ඒකක) USD බිලියන 6.07
ඒ අනුව සෑම වසරක දී ම අළුතින් ණය වීම – USD 13.37 (දළ ඇස්තමේන්තු)
වසරෙන් වසර සමුච්ඡිත වන රටේ මුළු ණය ප්‍රමාණය (2024 ජූනි මස වන විට) රුපියල් බිලියන 28,563 / යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 95.25 වේ.
මෙම සමුච්ඡිත ණය ප්‍රමාණය තුළ දේශීය ණය රුපියල් බිලියන 17,555 / යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 58.55 ක් පමණ වේ.
විදේශීය ණය – රු. බිලියන 11,008 / යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 38 ක් වේ.
2022 දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කළ විට මුළු ණය යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 83.6 කි. එහි විදේශ ණය – USD බිලියන 34.7 ක් පමණ වේ.
ඒ අනුව, 2022 සිට 2024 ජූනි තෙක් ශ්‍රී ලංකාවේ ණය බර USD බිලියන 8.65කින් ඉහළ ගොස් ඇත.
එම පදනමින් බලන විට සෑම වසරකදීම සියයට 7 කින් ණය බර ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි ය.
එනම්, 2027 අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය යුරෝපීය මුදල් ඒකක (USD) බිලියන 141ක් විය හැකි ය.
2028 දී ණය වාරිකය ඇතුළුව පියවිය යුතු මුළු ණය රටේ ආදායමෙන් (2025ට අනුව) පියවා ගැනීමට නො හැකි වේ.
ඉහත සඳහන් ආර්ථික අභියෝගය සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩ පිළිවෙලක් තමන් සතුව ඇති බව පෙන්වීමට පසුගිය මාස 6 ක කාලය තුළ අනුර ජනාධිපතිවරයාට ඕනෑ තරම් අවස්ථාව තිබුන ද ඔහු තමන් සතුව වැඩ පිළිවෙලක් ඇති බව පෙන්වීමට අපොහොසත් වී තිබේ.
රටක් ලෙස අපට මුහුණ දීමට සිදු වූ අභියෝගයට වඩා දරුණු අභියෝගයක් 2028 දී පැමිණීමට නියමිත බව දිනන දකුණ සාමුහික ය අවධාරණය කරමු. එම අභියෝගය ජයගත හැක්කේ බහු පාර්ශවීය සංවාද තුළින් ගොඩනගන ශක්තිමත් වැඩපිළිවෙලක් තුළින් පමණි.
අනුර ජනාධිපතිවරයා මෙතෙක් ආ ගමන් මඟ තුළ එම අභියෝගයට මුහුණ දීමට අඳුරේ අතපත ගෑම විනා ශක්තිමත් වැඩපිළිවෙලක් තමන්ට නොමැති බව පෙන්වා තිබේ. ඒ අනුව 2028 ආ ර් ථි ක අභියෝගයට මුහුණ දීමට අනුරට බැරි බව අපගේ විස්වාසය බව දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහික ය පැවසුහ.
මෙම මාධ්‍ය හමුවේ දී නීතිඥ ශිරාල් ලක්‍තිලක, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නිශාන්ත වර්ණසිංහ, ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය අතුලසිරි සමරකෝන්, නදීශ් ද සිල්වා, මහීල් බණ්ඩාර, මධුරි රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම අදහස් දැක් වූහ.