ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය (වෙනස්කම් සමරන්න)

දෙමාපියන් තම දරුවන්ට ආදරය කරනවා නම් නොමිලයේ දරුවන්ට ලබා දෙන ළමා සංවර්ධන වෛද්‍ය උපදෙස් පොත නිවැරදිව කියවා වෛද්‍ය උපදෙස් ලබා ගෙන තම දරුවාගේ අනාගතය සුරක්ෂිත කර ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ මහත්මිය ප්‍රකාශ කළේය.

ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය (වෙනස්කම් සමරන්න) පුගිය දෙවන දිනට යෙදී තිබිණි.  කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවා මාලගේ මහත්මිය මෙසේ ද  කීවා ය.

ලොව ඔටිසම් ව්‍යප්තිය වැඩි වීමක් දැකිය හැකි බවත් ලංකාවේ ළමයින් 93 කු අතරින් එක් අයකුට මෙම රෝග දක්නට ලැබෙනවා.

ලොව දරුවන් 36 කට එක් අයකුට මෙම රෝගය ලංකාවේ දරුවන් 50 ක්ට රෝගය තිබිය හැකි බව උපකල්පනය කර ඇති අතර ලංකාවේ පුද්ගලයන් 30 කු අතරින් එක් අයකෙට ඔටිසම් තත්ත්වයක් දැකිය හැකියි.

මේ දරුවන්ට අවශ්‍ය උපදෙස් සේවා සැපයීම අඩුවක් රටතුළ තිබෙනවා. මෙම රෝගය සම්බන්ධයෙන් සොයා බලන්නට ලංකාවේ 2020 වසරේ දී වැඩසටහන් ආරම්භ කර තියනවා.

මෙම රෝගය සම්බන්ධයෙන් ලංකාවේ දිස්ත්‍රික්ක හයක ක්‍රියාත්මක කර තිබෙනවා. මේවන විට මෙම සේවාව දිගු වැඩි කරන්නට පියවර ගෙන තියනවා.

මෙම රෝගයට අවශ්‍ය වෛද්‍යවරු හිඟ වීමක් ද දරුවන් සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නට උපදෙස් දෙන්නට ඇති මානව සම්පත් ලබා දෙන පිරිසේ  අඩුක් නැතිනම් මානව සම්පත් වල අඩුවක් ද රට තුළ දැකිය හැකියි.

රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර දරුවන්ට ප්‍රතිකාර කරන්නට රජය අවම වශයෙන් එක් මධ්‍යස්ථානයක් මුලික රෝහලක් මුලික කරගෙන ඇති මාධ්‍යස්ථාන 25 ක් ආරම්භ කරන්නට පියවර ගන්නට කටයුතු කර ඇති අතර ඒට අමතරව පළාත් මට්ටමින් මෙම් ආකාරයේ මධ්‍යස්ථානයක් සකස් කිරන්නට පියවර ගෙන තිබේ.

ඔටිසම් හා ස්නායු ආබාධ සහිත දරවන් හදුනා ගන්නට හැකි පරිදි අප මුලින්ම හඳුන ගෙන වෛද්‍ය පහසුකම් ලබා දෙන්නට පියවර ගෙන තියනවා. දරුවන්ගේ සංවර්ධන තත්ත්වයන් සම්බන්ධයෙන් නිරතුරුවම සොයන්නට පියවර ගත යුතුයි.

දෙමාපියන් වශයෙන් තම දරුවන්ට ලබා දෙන වෛද්‍ය පොත් පිංච හරහා අසන ලද ප්‍රශ්ණ සම්බන්ධයෙන් සොයා බලා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ළදුරු ළමා සංවර්ධන සටහන අනුව ක්‍රියාත්මක විය හැකියි.

මෙහි දී වෛද්‍ය උපදෙස් දීම මගින් දරුවන්ට කියා දීම තුළින් ආබාධිත තත්ත්වය විසඳුම් ලබා දිය හැකියාව තියනවා.

මේ උපදෙස් ලබා ගන්නට දෙමාපියන් දක්වන උන්දුව අඩුයි. මෙය වැරදියි. එවිට අපි ප්‍රමා ද වැඩියි.

දරුවන්ට උපතේ සිටම මේ සම්බන්ධව හදුනා ගෙන සෙල්ලම් පාදක ක්‍රම අනුව මෙයට විසදුම් ලබා ගත හැකියි. 

මෙවර ලෝක ඔසිටන් දින තේමාව වෙනස් ගම් අගය අගයමු යන්න යි.

මේ දරුවන්ට තිබෙන සංනිවේදනීය අඩුවක් තියනවා. ඒ නිසා මේ දරුවන් තනි කරන්නේ නැතිව අප එක් ව මේ අයට උපකාර කල රටේ සංවර්ධනයට එක් කළ හැකියි.

ලොව වෙනස් කරන්නට හැකියාව මේ අනුව කල හැකියි. සමාජයෙන් මේ දරුවන් වෙනස් කර සලකන්නට බලා සිටිනවා. මෙය වැරදියි. මේ දරුවන්ට ද අනෙක් දරුවන්ට ද අයිතින් ලබා දිය යුතුයි. සමාජයේ සියලුම දෙනා මේ යට සහයෝගය ලබා දිය යුතු බව ද ඇය කීවාය.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රජා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිලිනි විපුලගුණ මහත්මිය.

ඔටිසන් ලෝකයේ සියයට 300 ගණනක ප්‍රමාණය වැඩි වීමක් දැකිය හැකියි. ලංකාවේ ළමයින් 93 දෙනෙකුට එක් අයෙකු ඔටිසන් තිබිය හැකියි. ස්නායු සංවර්ධනයේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයකි. මෙම රෝගයට ජානමය හා පරිසරය ද හේතු වෙනවා.

ඔටිසන් තත්ත්වය ළමයිනට මෙන්ම වැඩි හිටියන්ට ද තිබිය හැකියි. මෙම තත්ත්වය මුලින්ම සොයා ගත හොත් මෙයට විසඳුමක් ලබා දිය හැකියි.

සරල සිංහලෙන් ඔටිසම් යනු කුමක්ද ? සමාජීය ජීවියෙක් වශයෙන් නොයෙකුත් පුද්ගලයන් එක්ක අපිට ගනු දෙනු කරන්න සිද්ද වෙනවා. ඒ හැම කෙනෙක්ම එකම විදිහෙ නොවෙන්නත් පුළුවන්. දැනුවත්ව හෝ නො දැනුවත්ව ඔබේ හෝ මගේ අතින් තවත් එවැනි අසරණ ජීවිතයක් මානසිකව හෝ ශාරීරිකව පීඩාවට පත්වීමට පෙර එකී රෝගී තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක්වත් තිබීම අත්‍යවශ්‍ය දෙයකි.

ඔටිසම් යනු වර්ණා වලී ආබාධය ලෙස ද හැඳින් වේ. එය සන්නිවේදනය හා හැසිරීම පිළිබඳ ගැටළු ඇතුළත් සංකීර්ණ තත්ත්වයකි. එයට පුළුල් පරාසයක රෝග ලක්ෂණ ඇතුළත් විය හැකි යි. සුළු ආබාධිත තත්වයක සිට පූර්ණ කාලීන රැකවරණයක් අවශ්‍ය වන ආබාධිත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි යි.

ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට සන්නිවේදනයේ ගැටළු තිබෙනවා. අනෙක් අය සිතන හා හැඟෙන දේ තේරුම් ගැනීමට ඔවුන්ට අපහසු යි. ඔවුනට වචන වලින් හෝ අභිනයන්, මුහුණේ ඉරියව් හෝ ස්පර්ශය තුළින් තම අදහස් ප්‍රකාශ කිරීම දුෂ්කර ය.

ඔටිසම් රෝගයෙන් පෙළෙන අයට ඉගෙනීමේ ගැටළු තිබිය හැකි නමුත් ඔවුන්ගේ කුසලතා අසාමාන්‍ය ලෙස වර්ධනය විය හැකි ය. නිදසුනක් වශයෙන් ඔවුන්ට සන්නිවේදනය කිරීමේ අපහසුතාවයක් ඇති නමුත් කලාව, සංගීතය ගණිතය හෝ පිළිබඳ දැනීම අසාමාන්‍ය ලෙස හොඳ විය හැකි ය. මේ නිසා, ඔවුන් විශේෂ ආබාධ සහිත නොව විශේෂ හැකියා සහිත පිරිසක් ලෙස අන්තර් ජාතිකව පිළිගෙන තිබෙනවා.

ඔටිසම් රෝග ලක්ෂණ රැසක් දැකිය හැකියි. සාමාන්‍යයෙන් දරුවෙකුට වයස අවුරුදු තුනට පෙර ඔටිසම් රෝගයේ ලක්ෂණ මතු වේ. සමහර අය උපතේ සිටම මෙම ලක්ෂණ පෙන්වයි. ඇස් අතර සම්බන්ධතා ගොඩනැගිය නො හැකි වීම,පටු පරාසයක උනන්දුවක් හෝ ඇතැම් මාතෘකා කෙරෙහි දැඩි උනන්දුවක් පෙන්වීම,වචන හෝ වාක්‍ය ඛණ්ඩ පුනරාවර්තනය කිරීම,වැල මිට  අනෙක්පසට පෙරළීම වැනි දෙයක් නැවත නැවතත් කිරීම,වෙනත් පුද්ගලයින්ට සාමාන්‍ය යැයි පෙනෙන ශබ්ද, ස්පර්ශ, සුවඳ හෝ දර්ශන සඳහා ඉහළ සංවේදීතාවයක් දැක්වීම,වෙනත් පුද්ගලයින් දෙස බැලීම හෝ සවන් දීම අපහසු වීම , වෙනත් පුද්ගලයෙකු ඔවුන් වෙත යොමු කරන විට දේවල් දෙස නො බැලීම,කථනය, අභිනය, මුහුණේ ඉරියව් හෝ කටහඬේ උච්චාවචනය තේරුම් ගැනීම හෝ භාවිතා කිරීමට ඇති ගැටළු, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් තාලානුරුපිව කතා කිරීම,දෛනික වෙනස්වීම් වලට අනුවර්තනය වීමේ අපහසුතා ආදිය ඔටිසම් රෝගයෙන් පෙළෙන සමහර දරුවන්ට ද ඇති විය හැකියි.

මෙම රෝගය වර්ග කළ හැකියි. මෙම දරුවන්ට භාෂාව පිළිබඳ ගැටලුවක් නොමැත. ඔවුන් බුද්ධි පරීක්ෂණවල සාමාන්‍ය හෝ සාමාන්‍ය පරාසයට වඩා ලකුණු ලබා ගැනීමට නැඹුරු වෙති. එහෙත් ඔවුන්ට සමාජ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ ගැටළු පවතී.

ඔටිසම් යන වචනය ඇසෙන විට බොහෝ දෙනා සිතන්නේ මෙයයි. එය අවුරුදු 3 ට අඩු ළමුන් තුළ සමාජ අන්තර්ක්‍රියා,සන්නිවේදනය සහ ක්‍රීඩා කිරීම පිළිබඳ ගැටළු හා සම්බන්ධ තත්ත්වයකි.

මෙම දරුවන්ට අවම වශයෙන් අවුරුදු 2 ක් වත් සාමාන්‍ය සංවර්ධනයක් ඇති අතර පසුව ඔවුන්ගේ සන්නිවේදන හා සමාජ කුසලතා සමහරක් හෝ වැඩි ප්‍රමාණයක් අහිමි වේ.

ඔබේ දරුවාට සමාජීය හා සන්නිවේදන කුසලතා ප්‍රමාද වීම වැනි යම් ඔටිසම් හැසිරීමක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා මෙම යෙදුම භාවිතා කළ හැකියි. නමුත් අනෙකුත් වර්ග හා මෙය සමාන නොවේ.

ඔටිසම් රෝගයට හේතු ද රැසක් තියනවා. හරියටම ඔටිසම් සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි නැත. සංවේදක සහ භාෂාව අර්ථ නිරූපණය කරන මොළයේ සමහර කොටස් වල ගැටළු වලින් එය හටගත හැකියි.

ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින් ට ඔටිසම් රෝගය වැළඳීම සිව් ගුණයකින් වැඩිය. එය ඕනෑම ජාතියක ජනවාර්ගික හෝ සමාජ පසුබිමක පුද්ගලයන් තුළ සිදුවිය හැකිය. පවුලේ ආදායම ජීවන රටාව හෝ අධ්‍යාපන මට්ටම දරුවෙකුගේ ඔටිසම් අවදානමට බලපාන්නේ නැති බව පැහැදිලිව පැවසිය හැකියි.

ඔටිසම් රෝගය පවුල් තුලින් හටගන්නා වන බැවින් ඇතැම් ජාන සංයෝජනයන් දරුවෙකුගේ රෝගී අවදානම වැඩි කරයි. වැඩිහිටි දෙමව්පියන් සිටින දරුවෙකුට ඔටිසම් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

ගර්භනී කාන්තාවක් මත්පැන්,මත් ද්‍රව්‍ය,අහිතකර ඖෂධ ලබා ගනී නම් හෝ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වී ඇත්නම්,ඇගේ දරුවා ඔටිසම් රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි.

දියවැඩියාව හා තරබාරු කම වැනි මාතෘ පරිවෘත්තීය තත්ත්වයන් වෙනත් අවදානම් සාධක අතර වෙනවා.

ඔටිසම්වලට ප්‍රතිකාර ලබාදිය හැකියි.

ඔටිසම් රෝගයට නිට්ටාවටම සුව කළ හැකි ප්‍රතිකාරයක් නො මැත. නමුත් මුල් කාලීනව හදුනාගෙන කරන ප්‍රතිකාර මගින් ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකු සඳහා සංවර්ධනයේ විශාල වෙනසක් කළ හැකියි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා

ශ්‍රී ලංකාවේ ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සහ ඔටිසම් දරුවන් පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් දැනට මාස 02 ක පමණ කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ආරම්භ කර පවත්වා ගෙන තියනවා.

එසේ පරීක්ෂා කර ඉහත තත්ත්ව සහිත  ලෙස හඳුනා ගන්නා දරුවන් සඳහා  බහු  විනය සේවාවන් සැපයීම සිදු කරන අතර එම සේවාව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ වෙනම ඔටිසම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාම සිදු කරනු ලබනවා.

මෙම සේවාව දිවයිනේ සෑම දිස්ත්‍රියක්ම ආවරණයවන පරිදි පුහුණු වෛද්‍ය නිළධාරීන් හෙද නිළධාරීන් සහ චිකිත්සක නිළධාරීන් සහිතව  පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර එහිදී ක්‍රීඩා පාදක මුල් මැදිහත්වීම් හා උපදේශන වැඩසටහන් හරහා එම ආබාධ සහිත දරුවන්ට සහ දෙමාපියන්ට සේවාව සැපයීම අරමුණ වෙනවා.

2020 වර්ෂයේ දී  ආරම්භ කර පවත්වා ගෙන යාම සිදු කල  මෙම මැදිහත්වීම් සේවා සැපයීම පිළිබඳ ව ජනතාව තුළ ඇති අනවබෝධය නිසා ම එම  සේවාවන් ලබා ගැනීමට  ජනතාව දක්වන මැලිකම හේතුවෙන් මෙම සේවාවන් විධිමත් කර ඉදිරියට පවත්වාගෙන යාම  සඳහා  ප්‍රජාව තුළ  ඔටිසම් පිළිබඳ සහ ඒ සඳහා ඇති සහායක සේවාවන් පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කළ යුතු වේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න