ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මැදිහත්වීම වහාම නතර කරන ලෙස සිවිල් ක්‍රියාකාරි සංවිධාන රැසක් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාට සහ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලස්ථානයට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙහි දී ජාතික ක්‍රියාකාරි පෙරමුණ, සිවිල් බුද්ධි පරෙමුණ, ජන අරගලයේ පුරවර වැසියෝ සංවිධානය, විදුලි භාරිභෝගිකයන්ගේ සංගමය, ජාතික සදාචාරාත්මක පදනම, සිරි හෙළ ජාතික සංවිධානය, අල්ලසු දුෂණයට එරෙහි සංවිධානය, සුරකිමු මව්බිම සංවිධානය ආදි කොට ඇති සංවිධාන රැසක් මේ ආකාරයට අදාළ ලියවිල්ල භාර දී තිබේ.
එය කොළඹ දී ජනාධිපති ලේකම් කාර්යාලයට එම ලියවිල්ල භාර දුන් අතර වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලස්ථානය දැනුම් දී තිබේ.
එම සංවිධාන නියෝජිතයෝ මෙහි දී මෙසේ ද ප්‍රකාශ කර සිටිය හ.
IMF නියෝජිතයන් විසින් එල්ල කරනු ලබන අනවශ්‍ය බලපෑම්වලට දැඩි විරෝධය පළ කරන බවත් එය ලංකාවේ ප්රජාතන්ත්රවාදී සහ ස්වෛරී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම ලියවිල්ලේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩලයේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සහ ඔහුගේ නියෝජිත පිරිසගේ ක්‍රියා මාර්ග පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවද එම ලියවිල්ලේ සටහන් කර තිබේ.
මෙම කණ්ඩායම පාර්ලිමේන්තු ප්‍රොටෝකෝල උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වයට බාධා කර ඇති එහි සඳහන් කර තිබේ.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) සෘජුව සහ වක්‍රව බලපෑම් කිරීමට උත්සාහ කිරීම ද මෙහිදි පෙන්වා දෙන බවද එම සිවිල් සංවිධාන පෙන්වා දෙති.
ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉදිරිපත් කරන ලද සාවද්‍ය දත්ත සඳහා සහාය දක්වමින් ප්‍රසිද්ධ ප්‍රකාශ සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ද අයි.එම්.එෆ් (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන උත්තෝලනයක් ලෙස භාවිතා කරමින්, විදුලි ගාස්තු වැඩි නොකළහොත් එහි ඊළඟ වාරිකය නිදහස් නොකරන බවට තර්ජනය කරමින්, එමඟින් දේශීය ප්‍රතිපත්ති තීරණ මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බවද ඔවුන් එම ලියවිල්ලෙන් පෙන්වා දෙති.
මෙම ක්‍රියා ශ්‍රී ලංකාවේ ආයතනවල ස්වාධීනත්වය අඩපණ කරන අතර අපේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්ට බාධා කරන බවත් විදේශීය දූත මණ්ඩලයක එවැනි හැසිරීම පිළිගත නොහැකි අතර විනිවිදභාවය සාධාරණත්වය සහ ස්වෛරීභාවයේ වටිනාකම් සමඟ නො ගැල පෙන බව ද ඒ මහතා කීය.
එබැවින් මෙම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පැපජෝර්ජියෝ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් වහාම ආපසු කැඳවන ලෙස අපි IMF ගෙන් ඉල්ලා සිටින බවද එම ලියවිල්ලේ සටහන් කර තිබේ.
පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික හා වෘත්තීය ප්‍රමිතීන්ට පිටින් කටයුතු කරන ඕනෑම විදේශීය නියෝජිතයෙකුට රටින් පිටව යන ලෙස ඉල්ලා සිටීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුන් එම ලියවිල්ලෙන් සටහටහන් කර තිබේ.
ජාතික මට්ටමේ සිවිල් සමාජ සහ බහුජන සංවිධාන කිහිපයක් මෙම විරෝධතා ලිපිය අනුමත කර ඇති බව බවත් මෙම කාරණයට හදිසි විසඳුමක් නොලැබුනේ නම් අපි රට පුරා සාමකාමී විරෝධතා මාලාවක් ආරම්භ කර ජාත්‍යන්තර මානව හිමිකම් සහ උපදේශක ආයතන සමඟ මෙම ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද එම සංවිධාන එම ලිපියේ සටහන් කර තිබේ.
මෙම බැරෑරුම් කාරණය කෙරෙහි ඔබගේ ක්ෂණික අවධානයට යොමු කරන ලෙස ඔවුන් එම ලියවිල්ලෙන් වැඩිදුරටත් සටහන් කර තිබේ.