ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මුඛ රෝග ගෝලීය වශයෙන් බහුල බෝ නොවන රෝගයක් වන බව මේ වන විට හඳුනා ගෙන තිබේ. මේ අනුව ලංකාවේ ලක්ෂ 220 පමණ ජනතාවගේ දත් සුරක්ෂිත කරන්නට සුවිශේෂ වූ වැඩසටහන් රැසක් දියත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහනට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය දායකත්වය දක්වති.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ දන්ත වෛද්‍යවරු 3 500 සහයෝගය මෙම වැඩසටහනට හිමි වේ.
මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මෙම සංගමයේ මූලික කාර්ය භාර්යන් වේ.
ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 3,500 ක් පමණ සිටින අතර, බහුතරයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි.
300-400 ක් වැනි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ පමණක් සේවය කරනු ලබයි. 70-80 ක් අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාල පද්ධතියේ සහ 50-60 ක් පිරිසක් ආරක්ෂක හමුදා අංශවලට සිය සේවා දායකත්වය ලබා දෙනු ලබයි.
විශේෂයෙන් ග්‍රාමීය සහ වතු ජනගහනය අතර මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ අගයක පවතින බවත්, දුම්කොළ භාවිතය, බුලත්විට භාවිතය සහ දුර්වල සනීපාරක්ෂාව වැනි අවදානම් සාධක ජනතාව අතර බහුලව පවතින බවත්, දන්ත රෝග කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා ඇති බාධක ලෙස අමාත්‍යංශය හදුනා ගෙන තිබේ.
මුඛ සෞඛ්‍යය නැවත අර්ථ දැක්විය යුතු බවත්, මුඛ පිළිකා ඇතුළු දන්ත රෝග බොහෝ දුරට නිවැරදි පිළිවෙත් අනුගමනය කරන්නේ නම් වළක්වා ගත හැකි බව අමාත්‍යංශය කියයි.
මුඛ සෞඛ්‍යය, පෝෂණය, මුඛ පිළිකා වැළැක්වීම සහ දන්ත සෞඛ්‍යයට හානිකර පුරුදු වල අවදානම් පිළිබඳ බලපෑම් සහිත මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන්නට ද අමාත්‍යංශයේ අවදානය යොමු වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත, රට පුරා දන්ත වෛද්‍යවරු එක්ව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය රුවන් ජයසිංහ, ලේකම් වෛද්‍ය සාරංග වික්‍රමතිලක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ යන මහත්වරු මෙම වැඩසටහන දියත් කරන්නට පියවර ගෙන තිබේ.