මේ වන විට වෛද්‍ය සැපයුම් අංශයෙහි ඖෂධ 234 ක බරපතල හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමු දේශ් මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේ ය.
මේ අනුව මෙම ඖෂධ නොමැති නිසා රෝගීන්ගේ ජීවිත සඳහා දැඩි අවදානමක් ලක්ව තිබෙනවා. ඒ නිසා වහාම වගකිවයුතු පාර්ශවයන් මෙම ගැටලුව ට විසදුම් ලබා දිය යුතුව තිබෙනවා.
2025 අප්‍රේල් 21 දින නිකුත් කරන ලද වෛද්‍ය සැපයීම් අංශයේ (MSD) නිල වාර්තාව අනුව සම්පූර්ණයෙන්ම හිඟ වී ඇති ඖෂධ 234 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මේ අනුව අත්‍යවශ්‍ය ඖෂධ (Vital Drugs) 13 න් 3 ක් ද මූලික අවශ්‍යතා සඳහා ඖෂධ (Essential Drugs) 182 ක් ද අනිවාර්ය නොවන ඖෂධ (Non-Essential Drugs) 49 ක් මෙම හිඟය පෙන්වා දිය හැකි යි.
මෙම වාර්තාව සෘජුවම පෙන්වා දෙනුයේ සෞඛ්‍ය පද්ධතියේ මූලිකම ආධාර වන්නා වූ ඖෂධ සැපයුම් ක්‍රමයේ දැඩි පසුබෑමකට ලක් වීමයි.
අපිට පැහැදිලි වන්නේ වෛද්‍ය සැපයීම් අංශය තුළ සැලසුම් රහිතකම තාක්ෂණික හා කළමනාකරණ දුර්වලතා සහ වගකිවයුතු නිලධාරීන්ගේ නිරුත්සාහීභාවය පිළිබඳව යි.
මෙවැනි අසමත්භාවයකට වගකිවිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවද පෙන්වා දිය හැකියි.
ජනතාවට ඇති අවදාන කෙටි දිගු කාලින බලපෑම් ඇති වන්නට හේතු වනවා.
හදිසි සහ අත්‍යාවශ්‍ය තත්ත්වයන් සඳහා අවශ්‍ය ජීවිත රැකෙන ඖෂධ නො මැති වීම බර පතලයි.
රෝගීන්ට පෞද්ගලික ඖෂධ වෙළඳ සැල් වෙත යාමට බල කරමින් පවුල් ආදායමට බරක් තැබීම ද සිදු වෙනවා.
ප්‍රතිකාර ප්‍රමාද වීම් සහ රෝග විකෘති වීම මේ නිසා සිදු වෙනවා.
රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය දීර්ඝව නරක වීම,සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසය බිඳ වැටීම,ජාතික සෞඛ්‍ය ප්‍රතිඵලයන් බිඳ වැටීම ද සිදුවිය හැකි බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා
අප සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය ලෙස මෙම අවදානම සම්බන්ධයෙන් රජයෙන් වහාම පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැඩිව ඉල්ලා සිටිනවා.
වගකිව යුතු පාර්ශවයන්ට විමර්ශන ආරම්භ කිරීම,ජනතාවට පැහැදිලිව තත්ත්වය දැනුම් දීම , ඖෂධ සැපයුම් පද්ධතියේ ක්‍රමවේදයන්ට යාවත්කාලීන ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා හදිසි ක්‍රියාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මෙම තොරතුරු මගින් පැහැදිලි වන්නේ රෝගීන්ගේ සත්කාරය වසා දැමෙන බාල සහ හොර ඖෂධ ප්‍රවර්ධනවන තරමේ බරපතල ඖෂධ හිඟයකට සෞඛ්‍ය සේවාව ලක් වී ඇති බව යි.
ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රථම වගකීම විය යුතු බවත් අපි රටේ සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් නො සලකා හැර තිබීම බරපතළ ගැටලුවක් බව ද සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමු දේශ් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.