සමුපකාර ව්‍යාපාරය බිඳ වැටෙන්න අසීමිත දේශපාලන මැදිහත්වීම් හේතු වූ බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි.
සමුපකාර ව්‍යාපාරය බිඳ වැටෙන්න අසීමිත දේශපාලන මැදිහත්වීම් මූල්‍ය විනය හා විගණනය නොමැති වීම සේවක ගැටලු හා ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් නොමැති වීම ද පෙන්වා දිය හැකි බව ද හෙතෙම කීය.
ග්‍රාමීය බැංකු වල තැන්පත් මුදල් වාණිජ බැංකුවල තැන්පත් කර අරමුණු වලින් බැහැර ව කටයුතු කිරීම සමුපකාර දේපළ දේශපාලකයින් විසින් අත්පත් කර ගැනීම ජනතා විශ්වාසය බිඳ වැටීම සමුපකාර බැංකු පිළිබඳ පවතින විශ්වාසය හා ගෞරවය අව භාවිතා කිරීම ආදී බොහෝ කරුණු මේ බිඳවැටීමට හේතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සමුපකාර ක්‍රමය නවතාවයෙන් යුතුව සක්‍රීය කරන බවත් රට නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීමේ දී ජනතා ව්‍යවසායකත්වය සහිත නිෂ්පාදන සමුපකාර ක්‍රියාවලිය වඩාත් ම දායක කර ගත හැකි බවත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
සමුපකාර ව්‍යාපාරයේ සැබෑ ජනතා අරමුණු නැවත අත්පත් කර ගැනීමට නම් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත් ඒ නිසා වර්තමාන සමාජ අවශ්‍යතාවය ට අනුව අවශ්‍ය තරම් භාණ්ඩ, ගුණාත්මක බව, ප්‍රමිතිය, ඇසුරුම්කරණය ආදී සියල්ල සමඟ ගොඩනැගීම අවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
රට තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කළ හැකි ආකාරයෙන් සමුපකාරය ජාතික ආර්ථිකය සමඟ බද්ධ කරන්න සැලසුම් සකස් කර ඇති බව ද ඔහු කීය. ජනතා සේවයක් ලෙස පැවතුණු ආයතනයක් විදියට සමුපකාර සාමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමටත් ප්‍රාදේශීය සම්පත් සම්බන්ධීකරණය කරන්නත් අපි සැලසුම් සකස් කර ඇති බවත් පළාතේ හෝ දිස්ත්‍රික්කයේ පවතින සියලු ආයතන ඒකාබද්ධ කරමින් ප්‍රදේශය හා ගම එකතු කර ගෙන එක පවුලක් වගේ වැඩ කරන ස්ථානයක් නිර්මාණය කරන්න සැලසුම් කරලා ඇති බවද ඇමති වරයා ප්‍රකාශ කළේ ය.