මාතලේ කළුගඟ ජලාශ පරිශ්‍රයේ රිලා රැඳවුම් මධ්‍යස්ථානයක්!
රිලව් රඳවුම් මධ්‍යස්ථානයක් මාතලේ කළුගඟ ජලාශය ආසන්නයේ දී සැකසීමට නියමිත ය. මේ සඳහා වැය වන මුදල් රුපියල් මිලියන 283.87 ක් වේ. පුරා අක්කර 425 ක මෙම රිලා රැඳවුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් මාතලේ කළුගඟ ජලාශය ආශ්‍රිතව සිටින රිළවුන්ට ආරක්ෂාකාරී රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීමට අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට හානිකර ලෙස නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින රිළවුන් අල්ලා මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ ගාල් කිරීමට ද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය හිමි තිබේ.
මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි ආරක්ෂක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා මෙසේ පැවසීය.
රිළවුන්ගේ ගහනය පාලනයට රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ අඳාළ රැඳවුම් මධ්‍යස්ථානය ලග්ගල කළුගඟ ජලාශය ආසන්නයේ අක්කර 425ක භූමියක පිහිටුවීමට නියමිතව ඇති බව ද ඒ මහතා පැවසීය.
රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හරින රිළවුන් සම්බන්ධයෙන් නිතරම පසු විපරම් කිරීමට නියමිත බව බවද ඒ මහතා කීය.
එසේම ගහනය පාලනයට අල්ලා ගන්නා ගැහැනු සතුන්ට ලූපයක් පැලඳවීම ස්වාභාවික ආහාර ප්‍රමාණවත් නොවන විට දී පිටතින් ආහාර හා ජලය සැපයීම, ජලය ප්‍රමාණවත් වශයෙන් සැපයීමට ද නියමිතව ඇති බව බව ද ඒ මහතා පැවසීය.
යෝජිත රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයේ සැරිසරන රිළවුන් ගාල් කිරීමට ප්‍රමාණවත් බවයි.
එමෙන්ම කඳුකර රිළවුන් පමණක් අඳාළ රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව අඳාළ රැදවුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් මිලියන 283.87 ක් මුදලක් ඇස්තමේන්තු කර ඇතිබව ද ඒ මහතා පැවසීය.
ගාල් කෙරෙන රිළවුන් පිටතට පැන යෑම වැළැක්වීමට විද්‍යාත්මක ආරක්ෂිත වැටක් සහ වල් අලින් කඩා වැදීම වැළැක්වීමට විදුලි වැටක්ද ඉදි කිරීමට නියමිතව ඇති බවද හෙතෙම කීය.
ඊට අමතරව කමිටුවෙන් අවධාරණය කළේ විද්‍යාත්මක ගහන පාලන ක්‍රම ඔස්සේ රිළවුන්ගේ බෝවීම පාලනයට දිගු කාලීනව වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව ද ඔහු කීය.
එසේම යෝජිත රැඳවුම් මධ්‍යස්ථානය මෙම පීඩාකාරී රිළවුන්ගේ ගැටලුවට සාර්ථක විසඳුමක් වන බව ද ඒ මහතා පැවසීය.