මාලදිවයින සමඟ හරිත සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවෙන් ඒක දේශීය නොවන ශාක ප්‍රදානයක් සිදු කර තිබේ. මේ යටතේ ශාක 1000 ක් මාල දිවයිනට ලබා දීම සිදු කිරීමට සැලසුම් කෙරේ.
මාල දිවයිනේ ක්‍රියාත්මක කරනු ලබන වන වගා ව්‍යාපෘතියක් සඳහා මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර පාරිසරික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ප්‍රදානයක් ලෙස ඒක දේශීය නොවන ශාක 1000ක් මාලදිවයින රාජ්‍ය වෙත ප්‍රදානය කිරීමට අදාළ සංකේතාත්මකව ශාක කිහිපයක් පිරිනැමීම පරිසර අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.
මෙම ව්‍යාපෘතියට අදාළව ඒකදේශීය නොවන ශාක කිහිපයක් සංකේතාත්මකව මෙරට මාල දිවයින් තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood Imad මැතිතුමා වෙත ප්‍රදානය කළහ.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූහ.