ශ්‍රී ලංකාව තුළ මේ වන විට නව එච්. අයි.වී (HIV) සමඟ ජීවත්වන පුද්ගලයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාර පේලි මහත්මිය පැවසීය.
2024 වසර තුළ පමණක් නව එච් .අයි. වී (HIV) සමග ජීවත්වන පුද්ගලයින් 824 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද ඇය කීවාය. එම පුද්ගලයින් ගෙන් 718ක්ම පිරිමි පුද්ගලයින්ය.
අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ නව එච්.අයි.වී (HIV) සමඟ ජීවත්වන පුද්ගලයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ලැබී ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
2024 තුල පමණක් අවුරුදු 15-24 ත් වයස් කාණ්ඩයේ නව එච්.අයි.වී (HIV) සමග ජීවත්වන පුද්ගලයින් 115ක් හඳුනාගෙන තිබෙන බව ඇය කීවාය.
2024 වර්ෂයේ දී වාර්තා වුනු ඒඩ්ස් මරණ ගණන 47 පමණ වන බවත් 2023 වර්ෂය හා සැලකීමේදී එම AIDS මරණ සියයට 20කින් පහළ ගොස් ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අඩු දැනුම අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වීමට බලපා තිබෙන අතර සමාජ මාධ්‍ය හරහා සහකරුවන් සොයා ගැනීම හා ඉන් අනතුරුව සිදු වන අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග පැතිරීම අඩු වයස් ගැබ් ගැනීම් කෙමෙන් වැඩි වන අනතුර ඇතැයි ඇය කියයි.
dating apps හරහා සම්බන්ධතා ඇති කර ගැනීම ද වර්තමානයේ නිරීක්ෂණය වෙන බව ද ඇය ප්‍රකාශ කළේය.
මේ නිසා ශ්‍රී ලංකාව තුල සමාජ මාධ්‍ය නියාමනය සමහර වයස් කාණ්ඩ සඳහා තහනම් කිරීම අවශ්‍ය වන බව ඇය පෙන්වා දෙයි.
