ලංකාවේ අලුත්ම රතු ළමිස්සි කටුනායකින් මාලේ දක්වා පියා සර කරන්නීය!

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විසින් අලුතෙන් මිළදී ගත් එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානය , ප්‍රථම ල ගුවන් ගමන , මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

06/21 දින දහවල් 01.48 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 115 දරන ගුවන් ගමන් වාර අංකය යටතේ මාළදිවයින මාළේ නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව තිබුණි .

මෙම ගුවන් යානය 06/21 දින දහවල් 02.23 ට මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .

පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානය ඉකුත් 06/04 දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර වශයෙන් රාජකාරි කටයුතු රැසක් නිම කිරීමෙන් පසු , මෙසේ මෙම ගුවන් යානය සිය ප්‍රථම මංගල ගුවන් ගමන සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේ ය .

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න