මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබෙරි වත්තේ එළමාන කොටසේ නිවසකින් රුපියල් ලක්ෂ හතළිහක්  වටිනා ස්වර්ණාභරණ කොල්කෑමේ  සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන් වරයා ගේ වැඩ තහනම් කිරීමට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන්.ගුණවර්ධනමහතා විසින් කටයුතු කර තිබේ .

මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ  පො.සැ. නාලක කසුන් ප්‍රනාන්දු නමැති මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ බිබිල කටුපොත් කවුඩැල්ල ලිපිනයේ පදිංචි සිටි පොලිස් සැරයන් වරයෙක් බව පොලිසිය පැවසීය.

බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු  පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2020 වසරේ මෙම කොල්ලකෑම සිදුවීතිබූ අතර බදුල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාශය අපරාධ විමර්ශන විසින් නොවිසදුන අපරා පිළිබඳව කරන ලද විමර්ශනයදී නෙබෝදා මේ කොල්ලයේ සුලමුල අනාවරණය කර ගෙන තිබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න