මන්නාරම  තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 402කට අධික තොගයක් ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රුගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම පසුගිය (23)  වන දින සිදුකළ බව ද මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 50ත් අතර වන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා එනසාල් තොගය ෂැම්පු තොගය රූපලාවණ්‍ය ආලේපන පැකට් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය. 

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න