රුපියල් මිලියන 300ත්  600 ත් අතර ඉහළ වටිනාකමකින් යුත් ගිලන් රථ පාර් ලි මේන්තුව අසල පුද්ගලික වාහන ආනයන රථ ගාලක දිරාපත් වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසී ය.

ඒ නිසා මේ සම්බන්ධව සොයා බලා සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් තීරණ ගන්නා ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේ ය.

පසුගිය යහපාලන රජයේ සමයේ දී මෙරටට ගෙන්වන ලද මෙම ගිලන් රථ රෝහල්වලට බෙදා දීමෙන් පසුව නඩත්තු කටයුතු සඳහා මෙම ස්ථානයට යොමු කර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අදාළ රෝහල් බලධාරීන් නිසි පරිදි ඇස්තමේන්තු අනුමත නො කිරීම නිසා මේ අන්දමට මාස ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ ගිලන්  රථ අබලන් තත්ත්වයට පත් වෙමින් පවතින බව ඔහු සඳහන් කළේ ය.

ඇතැම් ගිලන් රථ ඒම ස්ථානයේ මාස හයකට වැඩි කාලයක් තිස්සේ පවා පවතින බව වැඩිදුරටත් සඳහන් කරන ඔහු මෙම ගිලන් රථ යොමු කරන ලද රියදුරන් පවා  ඉන් පසුව මේ ගැන කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැති බව ද සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන අවභාවිතාව අවම කිරීම සඳහා නඩත්තුව පවත්වා ගෙන යාම සහ කළමනාකරණය උදෙසා  වාහන භාවිතාව සම්බන්ධ තොරතුරු පද්ධතියක් තමන් 2019 වර්ෂයේ දී හඳුන්වා දුන් නමුත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් දැඩි කැමැත්තක් නො දැක් වූ බවත් මෙවන් පද්ධතියක් හරහා මුදල් අව භාවිතාව අවම වන බැවින් ඉහළ සෞඛ්‍ය බලධාරීන් මෙවැනි ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට අකමැති බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න