ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසීය විසි නවයකට (129) අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහයුම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 49ත් අතර වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සිව්දෙනා (04), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න