රුපියල් මිලියන 120 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 301 කට අධික  තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

නාවික හමුදාව යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරුවන් හා දේපල අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානය වෙත ලද තොරතුරකට අනුව එම ඩිංගි යාත්‍රාව තුළ උර අටක (08) පාර්සල් එකසිය තිස්නවයක (139) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන එකසීය විස්සකට (120) අධික වෙතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 43 ත් 58ත් අතර වන මන්නාරම ඕළුතුඩුවායි සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

එම සැකකරුවන් තිදෙනා (03) කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත ව ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න