ලංකාවේ පුනර්ජනය බලශක්ති සැලැස්මක් සෑදීම සඳහා ඩොලර් මිලියනයක්  ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුව ඇති දුෂණ පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව මූලස්ථානය පැමිණිලි කරන්නට  විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය තීරණය කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් (ADB) 2022 වර්ෂය තුළ දී ලංකාවේ පුනර්ජනය බලශක්තිය සඳහා සැලැස්මක් සෑදීම සඳහා ඩොලර් මිලියනයක්  ගෙවීම් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසී ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මෙසේ ද කීය.

මේක තමයි කුප්‍රකට විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ ආයතනයයි. හැබැයි මේ සමාගම ඩොලර් මිලියනයක් අරගෙන වාර්තාවක් බාර දුන්නු වාර්තාවන් නෑ.

මේ වාර්තාව ආසියානු සංවර්ධන බැංකුවට දුන්නද? වල ශක්තිය අමාත්‍යංශයට දුන්නද?ලංකා විදුලිබල මණ්ඩලයට දුන්නද? සුනිත්‍ය බලශක්ති අධිකාරියට දුන්නද? කිසිම සාක්ෂියක් පේන්න නෑ.

මේ අතරතුර තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ පිරිසක් විසින් රතු වාර් තාව (Red map)  කියලා වාර්තාව එළියට දාන්නේ.

මේ වාර්තාවේ සඳහන් වෙනවා 2023 – 2026 දක්වා කාලය තුළ සූර්ය බල ශක්තිය ඇතුළු පුනර්ජනයා බලශක්ති මූලාශ්‍රවලින් අලුතින් නව එක් කිරීම් මෙගාවොට් 1795 (MW)ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්න පුළුවන් කියලා. එදා ඒ වාර්තාව පිළිගත් තිලක් සියඹලාපිටිය මහතා දැන් තියෙන පුනර්ජනීය බලශක්තියක් 50% කප්පාදු කරනවා.

එදා ආසියානු සංවර්ධන බැංකුවෙන් සල්ලි ගන්නවා අද මහජන මුදලින් රජයේ වැටුපක් ගන්නවා මේක ලැදියාවන් අතර ප්‍රශ්නයකට වඩා මහා වංචාවක් එයාගේ මිත්‍රයෙක් හිටපු ළංවීම නියෝජ්‍ය සභාපති 2023 පෙබරවාරි මාසයේ පුබුදු නිරෝෂන් කියනවා.

එයාගේ ෆේස්බුක් පිටුවේ සඳහනක් කරමින් බලශක්ති සැලැස්ම හදන්න ඩොලර් මිලියනක් ගෙවලා තියෙනවා කියලා.

අපි ආසියානු සංවර්ධන බැංකුව එකෙන් අහනවා 2022 RMA කල්සල්ටන් ආයතනය ඩොලර් මිලියනයක් අර ගෙන red map කියන වාර්තාව භාර දුන්නා ද කියලා. එහෙම නම් එම වාර්තාව ඒ.බී.ඩී (adb)  වෙබ් අඩවියේ එකේ දැම්මේ නැත්තේ ඇයි.

මේ පිළිබඳ ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුව (ADB)  මූලස්ථානය පැමිණිලි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ආසියානු කලාපය පිළිබඳව බාරව සිටින ප්‍රියන්ත විජයතුංග මහතා හා සියඹලා පිටිය ගැන විමර්ශනයක් කරන්න කියලා අප ඉල්ලා සිටින බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න