රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 04/07 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිව් දෙනා අතර කොළඹ ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ මාවතගම ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි පුද්ගලයෙකු සිටින අතර ඔවුන් 04/07 දින උදෑසන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානා දෙකක සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.