කෘෂිකාර්මික භෝග වලට  හානි සිදුකරණු ලබන සත්ත්ව සංගණනය  සදහා නිවෙස්වලට යාමේ දි ඇතැම්  ක්ෂේත්‍ර නිලධාරින්  සුනඛ සාපාකෑම්වලට ලක්වු බව එම ක්ෂේත්‍ර නිලධාරින් පවසති.

   මෙකි සංගණනය  සදහා අදාළ තොරතුරු පත්‍රිකා බේදාදිමට යාමේ දි  අක්මිමන වලහන්දුව ගොවිජන සේවා බල ප්‍රා දේශයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු  සුනඛයකුගේ සපාකෑමට ලක්ව ප්‍රථිකාර ලබාගෙන තිබුණි.  සංගණන පත්‍රිකා බෙදාදිම සදහා මෙන්ම එම පත්‍රිකා එකතුකරගැනිම සදහා නිවෙස්වලට යාමේ දි  ඇතැම් ක්ෂේත්‍ර නිලධාරින්ට සුනඛයින්ගෙන්  බේරිම සදහා  දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදුවි තිබුණි.

විවිධ අභියෝගවලට හා ගැටළුවලට මුහුණදෙමින්  සාර්ථකව  සත්ත්ව සංගණනය සිදුකළ බව ක්ෂේත්‍ර නිලධාරින් පවසති ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් විසින්  සත්ත්ව සංගණනය සිදුකරණු ලැබිය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න