රට හැර ගිය වෛද්‍යවරුන්ට යළිත් රටට පැමිණ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නට කිසිදු බාධාවක් නොමැති බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්‍ය වජිර දිසානායක මහතා පැවසීය.
කොළඹ දි පැවති මාධ්‍ය හමුවක දී ඒ මහත එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
මහාචාර්‍ය වජිර දිසානායක කියා සිටින්නේ මේ සියවස් සැමරුම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙනවා. 1927 පණතකින් ලැබූ බලතල අනුව වෛද්‍ය සභාව ක්‍රියාත්මකයි. ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් මගින් වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන්නේ වෛද්‍ය සභාවයි.
2023 දී වෛද්‍ය සභාවේ නියාමන ඒකකයට ජාත්‍යන්තර අගැයීමක් ලැබුණු බව පෙන්වා දිය හැකියි.
ශ්‍රී ලංකාවේ සියළු වෛද්‍ය පීථ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක කරනවා. දන්ත වෛද්‍ය පීථ සම්බන්ධයෙන්ද එබදු නියාමනයක් වෛද්‍ය සභාව ක්‍රියාත්මක කරයි. රටවල් අතර වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේ සැලසුම මේ දිනවල වෛද්‍ය සභාව සකස් කරමින් සිටිනවා.
විදේශ රටවල වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර පැමිණෙන අයට පවා ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවශ්‍ය ක්‍රමය,සාරධර්ම උගන්වා දිවුරුමක් දී සේවයට යෙදවීමට වෛද්‍ය සභාව කටයුතු කරනවා. ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කරන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට වෛද්‍ය සභාව පසුබට වන්නේ නෑ.
ඒ සම්බන්ධයෙන් කමිටු දෙකක් වෛද්‍ය සභාවේ ක්‍රියාත්මක කරනවා. රටට විදේශ උපාධි ලබා පැමිණෙන අය විශේෂ ජාත්‍යන්තර ප්‍රමිති සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රටේ වෛද්‍ය සේවාවට යොදවා ගන්නවා. පසුගිය දා විදේශ විශේ වෛද්‍යවරයෙකුට මෙරට සේවයට අනුමැතිය ලබා දුන්නා. විදේශ ගතවී සිටින විශේ වෛද්‍යවරුන්ට කැමතිනම් මෙරට පැමිණ සේවය කිරීමට දැන් දොරටු විවර කර තිබෙනවා.
එලඹෙන ජූලි 5 දින වෛද්‍ය සභාවේ අධ්‍යාපන (academic programme) වැඩසටහනක් එදින උදය වරුවේ බන්ඩාරනායක සම්මත්‍රණ හාලාවේදි ( BMICH ) හි පැවත්වෙනවා. සවස් වරුවේ 6.00 න් පසු අග්‍රාමාත්‍ය තුමිය,සෞඛ්‍ය ඇමති,එංගලන්ත වෛද්‍ය සභාවේ සභාපති,අන්තර්ජාතික වෛද්‍ය ප්‍රමිති සකස් කරන ආයතන ප්‍රධානි සමග සැමරුම් උලෙලක් ද පවත්වනවා.
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ විශේෂ සාකච්ජා, සමුළු රැසක් ඉදිරියේදී පැවැත්වේ. වෛද්‍ය සභාවේ සැමරුමට සැමරුම් මුද්දරයක් නිකුත් කරනවා.
වසර 100 ක් එක දිගට ක්‍රියාත්මක වන වෛද්‍ය සභා ලෝකයේ නැති තරම්. එයයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විශේෂත්වයි.
පිටරට අධ්‍යාපනය ලබන්නට බොහෝ පිරිසක් මෙරටින් පිටත් වෙති. එහෙත් ආණ්ඩුවෙන් පහසුකම් ලබා දෙන්නේ නම් මෙරට විශ්ව විද්‍යාල වල පහසුකම් සකස් කරන්නේ නම් වෛද්‍ය සභාව මෙරට තුලම ඒ විශාල පිරිසක් වන සිසුන් අධ්‍යාපනය ලබා ගැනීම ගැන සතුටු වනවා.
World federation of medical education හි ප්‍රමිති සහතිකය ලබා ගත් තුන වන රට ශ්‍රී ලංකාවයි. එය 2024 දි ලබා ගත්තා. ඒ නිසා දැන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට අන්තර්ජාතිකව සේවය කිරීමේ සමහර බාධා ඉවත් කර තිබෙනවා.
අනෙක් රටවල් වලට ශ්‍රී ලංකාවට මෙන් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න බැරි ඇයි යැයි එක් අන්තර්ජාතික සමුළුවකදී නෙල්සන් මැන්ඩෙලා ගේ බිරිඳ (Michel Mandela) ප්‍රකාශ කර තිබෙනවා.
වසර 100 මෙයට ගත වී තියනවා. අප නව වෛද්‍ය ආඥාපනතක් රටට හදුන්වා දෙන අතර එය තවත් වසර 100 කට සරිලන පරිදි සකස් කරන්නට පියවර ගෙන තිබෙනවා. අප වෛද්‍ය සභාව මිගින් වෛද්‍ය වරු නියාමනය කිරීම හා වෛද්‍යවරුන්ගේ වෘත්තිය මය අධ්‍යාපනය නියාමනය කරනවා.
අප සභාවට 2023 දි අන්තර්ජාතික ඇගයීමක් ලැබුනා. එය වසර 10 කට බල පාන ආකාරයට. අපේ රටේ වෛද්‍ය පීඨ සියල්ල අන්තර්ජාතික ගැලපෙන පරිදි නියාමනය කර තිබෙනවා.
දන්ත වෛද්‍ය පීඨ ද නියාමනය කර බව ද පෙන්වා දිය හැකි යි. සියලුම වෛද්‍ය වරුන් කළ යුතු දේ නොකළ යුතු දේ සඳහන් වෙනවා. සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් සිදු වන නියාමනය කිරීම හා රටටවල් රටවල් අතර නියාමනය කරන නියාමනයන් සිදු කිරීමට ද පියවර ගන්නවා. වෛද්‍ය සිසුන්ගේ පුහුණු ද අප ලබා දෙනවා.
වැරදි ආකාරයට කටයුතු කළ හොත් වෛද්‍යවරුන්ට ද විමර්ශන සිදු කරනවා. විනය පියවර ගන්නවා. විදෙස් රටවල පුහුණුව ලබන වෛද්‍යවරු ලංකාවට යොදා ගන්නේ කෙසේ ද යන්න අප සොයා බලනවා.
එම වෛද්‍ය සිසුන්ද නියාමනය කර රටට යොදා ගන්නා ක්‍රමයදක් ද තියනවා. විදේශ වල සිටින ලාංකික වෛදවරුන්ට රටට පැමිණ රටට සේවය කරන්නට හැකියාව ලබා දිය හැකියි. ඒ අයට අපි අවස්ථාව මේ වන විට හැකියාවක් තියනවා.
විදෙස් රටවලට ගිය වෛද්‍යවරුන්ට යළි රටට පැමිණ සේවය කළ හැකියි. කිසිදු බාධාවක් නෑ.