දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි රෝගීන් හය දෙනෙකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක්සහිතවදෙබරවැව  මූලික රෝහලටප්‍රතිකාර සඳහා (14 වනදා) ඇතුළත් වී ඇති අතරඉන් එක් රෝගියෙකුහුස්ම ගැනීමේ දැඩි අපහසුතා මතකරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇති බවරෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳව රෝහලේ උසස් නිලධාරියෙකුගේ කළ විමසීමකදී සඳහන් කළේප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙලෙන බවය. මෙම රෝගීන්ට වැළඳී ඇත්තේමේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක්ද යන්න තහවුරු කර ගැනීමම සඳහාරෝගීන්ගෙන් ලබාගත් සාම්පලහම්බන්තොට මහ රෝහලට සහකොළඹ MRI පර්යේෂණාගාර වෙත යවා ඇති බව සඳහන් කළේය. මෙය සාමාන්‍ය රෝගී තත්ත්වයක්ද විශේෂ රෝගී තත්ත්වයක්ද ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතරසාම්පලවල ප්‍රතිඵලලැබීමට දින කීපයක් ගතවන බවත් පැවසීය.  රෝගී තත්ත්වයමෙම රෝගීන්ටත්ය පිළිබඳනිශ්චිතවම සඳහන් කළ හැක්කේ එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව බවදසඳහන් උසස් නිලධාරියාකළේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න