කෑ ගල්ලේ චන්ඩි කෑල්ල පොලිසියට කොටු

කෑගල්ල හිරිවඩුන්න රන්දෙනිය ප්‍රදේශයේ හෝටලයකට අයුතු ලෙස ඇතුළු වී කළමනාකරුට අතින් පයින් පහර දී කඩුවකින් කොටා රුපියල් එක් ලක්ෂ පනස් නව දහස් පන්සියයක් (1 59 500) වටිනා භාණ්ඩ හා මුදල් පැහැරගෙන යාමට අනුබල දී ඇතැයි කියන තරුණියක් ඊයේ 30 වැනිදා අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුරනේ ගෙදර වෑගන්තලේ මාවනැල්ල ලිපිනයේ පදිංචිව සිටින පල්ලෙහා බාලසූරිය ගෙදර ශෂිනී ගයන්තිකා  නැමැති 21 හැවිරිදි තරුණියකි.

අත් අඩංගුවට ගෙන ඇති තරුණිය කුලියාපිටියේ පදිංචිව සිටින හිතවතියකගේ මාර්ගයෙන් කෑගල්ල හිරිවඩුන්න රන්දෙනිය ප්‍රදේශයේ නවාතැන්පොළක පිළි ගැනීමේ නිලධාරිනියක් ලෙස සේවයට පැමිණ ඇති බවත් එම හෝටලයේ හිමිකරු අයුතු යෝජනා මෙම තරුණියට ගෙන ඒමෙන් පසුව ඇය ජපානයේ රැකියාවක නිරතව සිටින පෙම්වතාට මේ බව දුරකතනයෙන් දන්වා ඇති බවත් පොලිසිය පැවසීය. පසුව තරුණියගේ පෙම්වතා මේ බව දුරකකනයෙන් හෝටලයේ හිමිකරුට අවස්ථා කිහිපයක දීම තම පෙම්වතියට රැගෙන එන අයුතු යෝජනා වහාම අතහැර දමා ගන්නා ලෙසත් දන්වා ඇති බවත් පොලිසිය පැවසීය. එහෙත් හිමිකරු යලි යලිත් අයුතු යෝජනා රුගෙන එමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව තරුණිය ජපානයේ පදිංචිව සිටින පෙම්වතාට මේ බව නැවත දන්වා ඇති අතර තරුණිය හා ජපානයේ පදිංචිව සිටින තරුණායා හෝටලයේ හිමිකරුට පහර දීමට සැලසුමක් සකස් කෙරිණ. ඒ අනුව ජපානයේ තරුණායා තුරුපිටිය වත්ත ගලහිටියාව කුලියාපිටිය ලිපිනයේ පදිංචිව සිටින 33 හැවිරිදි රාජපක්ෂ ආරච්චිලාගේ ඉන්දික රාජපක්ෂ නැමැත්තාට මේ බව දන්වා තරුණියගේ අනුබල දීම සමග කණ්ඩායමක් එක්ව 2024 මැයි 28 වැනිදා රාත්‍රි 7.50 ට පමණ හෝටලයට කඩුවක් රැගෙන පැමිණ හෝටලයේ හිමිකරුට අතින් පයින් පහර දී අතකට කඩුවකින් කොටා හෝටල් කාමරයේ තිබුණු රුපියල් 40 000 ක් වටිනා පරිඝණක යන්ත්‍රයක්, රුපියල් 60 000 ක් වටිනා හාර්ඩ් ඩික්ස් 03 ක්, රුපියල් 42 500 ක් වටිනා ස්මාට් දුරකතනයක්, රුපියල් 6 000 ක් වටිනා කුඩා දුරකතනයක් හා හිමිකරුගේ මුදල් පසුම්බියේ තිබුණු මුදලින් රුපියල් 11000 ක් සමග රුපියල් එක් ලක්ෂ පනස් නව දහස් පන්සියයක්  (1 59 500) වටිනා භාණ්ඩ හා මුදල් පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ප්‍රධාන සැකකරු හා තරුණිය අත් අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු පොලිසිය සිදු කරමින් සිටින අවස්ථාවේ දී ප්‍රධාන සැකකරු සිය බාල සහොදරයා ඝාතනය කොට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවට කෑගල්ල අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පසුව ඉකුත් ජුනි 02 වැනිදා අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කොට ඉන් ඉවත්ව සිටින බවත් පොලිසිය පැවසීය.

පසුව තරුණිය ද අත් අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ දී වසරකුත් මසකට පසුව ඊයේ 30 වැනිදා මාවනැල්ල වෑගන්තලේ නිවසේ සිටිය දී අත් අඩංගුවට ගැණින. පසුව ප්‍රකාශයක් සටහන් කර ගත් පොලිසිය සැකකාරිය ඊයේ 30 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් අන්වර් පොලිස් සැරයන් සම්පත් (64324) පොලිස් කොස්තාපල් සංජය (79808) නිලධාරින් විමර්ශන කටයුතු සිදු කෙරිණ.

(02) ගාල්ල මහ නගර සභාවේ මහ අවුලක්

ගාල්ල මහ නගර සභාවේ ප්‍රථම රැස්වීමේදීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා……

නියෝජ්‍ය නගරාධිපතිවරයාට හොරා ! හොරා !! යයි දැඩිගෝෂා

ගාල්ල මහ නගර සභා ප්‍රථම රැස්වීම ඊයේ පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ නගරාධිපතිවරයා විසින් මුලින්ම සභාවආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් යයිපවසද්දී  විපක්ෂයේමන්ත්‍රීවරුන් සියළු දෙන සභාගැබතුල එකවර නැගීසහබන්දු හොරා! සහබන්දු හොරා !!යයි ගෝෂා කරමින් විරෝධතා පුවරු ඔසවමින් නැගීසිටීම නිසා සභා ගැබ තුල එකම ඝෝෂාවක්බවට පත්වූයේය.

සජබ එජාප සහ ශ්‍රීලංනිප පොදුපෙරමුණමන්ත්‍රීවරුන් මෙලෙස විරෝධය පෑහ.නගරාධිපතිවරයා විරෝධය  හමුවේ සභාආමන්ත්‍රණය ඒඅවස්ථාවේ නතරකර බලාසිටි අතර සුළුවෙලාවකින් විපක්ෂ මන්ත්‍රී පිරිස විරෝධය නතරකරන්නට විය.අනතුරුව නගරාධිපතිවරයා සභාවආමන්ත්‍රණය කරමින් සභා කටයුතුපණ ගැන්වීය.

අවසානයේ නගරාධිපතිවරයා මෙසේසභාව ඇමතීය.දේශපාලන පොරපිටියේ  අපි පක්ෂවලටබෙදිල පක්ෂ ක්‍රියාකරකම්වල නිරතවූ නමුත් අපි දැන් එකම සභාවක මන්ත්‍රීවරුමේ සභාවෙ ආණ්ඩුපක්ෂය විපක්ෂය කියලනැතිව අපි ඔක්කොම එකතුවෙල ගාල්ල

ගොඩනගමු යන්නය.හොරා ගාල්ල මහ නගරසභාවේ ප්‍රථම රැස්වීමඊයේ 30 පෙරවරුවේ ගාල්ල නගර සභාවේරැස්වීම් ශාලාවේදී නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

(03) කතරගම අනතුර මෙන්න

කතරගම වන්දනා බස් රථයක් බරපතල අනතුරකට ලක්වෙයි! රියදුරු, කොන්දොස්තර ඇතුළු තවත් බොහෝ දෙනෙකුට තුවාල

කතරගම සිට #ආරයම්පති දක්වා වන්දනාකරුවන් බස්සවා ආපසු පැමිණි බස් රථය කිරාන්කුලම් හිදී අනතුරකට ලක්විය

අද (30) උදෑසන මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන  ගසක ගැටී අනතුරට ලක්ව ඇත. 

මෙම අනතුර සම්බන්ධව වාර්ථාවන්නේ   කතරගම වන්දනා ගමන අවසන් කළ වන්දනාකරුවන් ආරයම්පති හි බස්සවා ආපසු   කල්මුනේ ප්‍රධාන මාර්ගයේ  තේත්තාතීවු දෙසට  යමින් සිටි  බසය   කිරාන්කුලම් හි සරස්වතී විද්‍යාලය අසලින් ගමන් කරමින් සිටියදී, එය මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුවිය.

අනතුර සිදුවන විට බස් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනෙකු බස් රථයේ සිටි අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරෙන් තුවාල ලැබූවන් පාණ්ඩිරුප්පු හි කළුතාවෙල ප්‍රදේශයේ අය වෙති. අනතුරින් බස් රථයට දැඩි හානි සිදු වූ අතර ගසක් ද මාර්ගයට කඩා වැටුණි.

කාත්තාන්කුඩි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(04) දකුණු පළා බබාගේ වාහන 41 දිරාපත් වෙයි!

දකුණු පළාත්  සභාවේ ආයතන 09කට  අයත්  ගර්භිත තත්ත්වයේ පවතින  වාහන හා යතුරුපැදි 34ක අයිතිය  නිශ්චිතව හදුනාගත  නොහැකිවිමෙන්  දිරාපත්වෙමින්  පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 එමෙන්ම  ප්‍රධාන අමාත්‍යංශ පරිශ්‍රයේ   ගාල්කර තිබු වාහන 02ක් සහ  කලේගාන සම්පත්  මධ්‍යස්ථානයේ ගාල්කර තිබු වාහන 02ක්  අපහරණය කිරිමට හෝ  අලුත්වැඩියාකර  භාවිතයට ගැනිමට  කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 මේ පිළිබද දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත්තේ  මේවනවිට  එම වාහනවල කැබිලි පමණක් ඇති බැවින්  විශේෂ කමිටුවක් පත්කර  එම කමිටු තිරණය හා  උපදෙස් අනුව වාහන කැබලි සදහා  තක්සේරුවක් නියමකර  කොටස් ලෙස අපහරණයට කටයුතු කරණු  ඇති බවය. දකුණු පළාත් සභාවසම්බන්දයෙන් 2023 වර්ෂයට  අදාළව නිකුත්කොට ඇති  විගණන  වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

(05)  මොලේ මැරුණත් ප්‍රතිකාර ජයටම අදට දින 575යි!

අවුරුදු  ( 89 )අසූනවයක් වියැති මොළේ මියගිය කාන්තා රෝගියෙකු  කෑගල්ල  දැඩිසත්කාර   ඒකකයේ ප්රසතිකාර ලබයි.  අදට රෝගියා රෝහලට  ඇතුලත්කර  දින. 575ක්  බව  රෝහල් ආරංචිමාර්ග  පවසයි.

කෑගල්ල රෝහල් හල හා ඒ අවට රෝහල් වලින් අසාධ්යග  රෝගීන් ගෙන ආවත් සමහර අවස්ථාවලදී මහනුවර කොළඹ  ආදි   රෝහල් වෙත යෑවීමට මෙම නිසා සිදුවන බවද රෝහල්  ප්රොකාශ යෙකු  පැවසිය.

මෙම රෝගියා සම්බන්ධව සියලුම වියදම් රෝහලින් සිදුවන අතර මෙම රෝගියා මෙසේ  තබාගෙන සිටින්නේ කාගේ බල පෑමක් මතද යන්න.ඔවුන් ප්රයශ්නය කරණ අතර මෙම රෝගියා කෑගල්ල  රෝහලේ වෛද්ය වරයෙකුගේ මවක් බව ද  ආරංචි මාර්ග පවසයි.

(06)  අර්ජුන් ඇලෝසියස්ට නඩු

රජයට අයවිය යුතු රුපියල් 1,035,473,988 ට අධික වැට් බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියකට අදාළව මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුවන  වන අර්ජුන් ඇලෝසියස්ට හා ඇන්තනි රන්දෙව්  ජිනේන්ද්රස ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  කොළඹ අතිරේක මහේස්ත්රාරත් පවිත්රාි සංජීවනී පතිරණ හමුවේ  නඩු පවරනු ලැබීය.

ඒ අනුව ඔවුන්ට ලබන ඔක්තෝබර් මස 13 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්රා ත්වරිය ඊයේ (30) නියෝග කළාය.

වග උත්තරකරුවන් 2019 හා 2020 වර්ෂවලට අදාළ රුපියල් 1,035,473,988.47 ක වැට් බදු මුදලක් රජයට නොගවා පැහැර ඇති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය එසේ නියම කෙරිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙරද  වැට් බදු නොගැවීම සම්බන්ධයෙන් එම සමාගමකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර ඒ අනුව ඔවුන්ට මාස හයක සිර දඬුවම් විඳීමටද සිදු විය.

(07) ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යෙය් අද 01දා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යෙය් අද 01දා හයවෙනි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බව බස්නායක නිලමේ ඩිෂාන් වික්රිමරත්න ගුණසේකර මහතා පැවසීය.

පෙරහර මංගල්යතය යේ 6වන  පෙරහැරේ බස්නායක නිලමේවරයා පෙරහරේ ගමන් කිරීම චාරිත්රමයක් ලෙස සිදුකරයි.

එම චාරිත්රරයට අදාළව උසස්ම නිලය ලෙස සැලකෙන පිරිත් නිලය ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විශේෂ කුටියක් වන ගොම මැටි ගා අලුත් කරන ලද පෞරාණික කාමරය තුළට වඩම්මා උන්වහන්සේලා පිරිත් දේශනා කිරීමෙන් අනතුරුව සාම්ප්ර දායිකව පිළියෙල කරන ලද නිර්මාංශ දානයක් පූජා කිරීමෙන් ලබාගන්නා අවසරයෙන් පසු අද දින රාත්රීරයේ නිලමේවරයා පෙරහැරේ ගමන් කිරීමට නියමිතය.

මෙයට අමතරව කතරගම මහා දේවලය  ඉදිරිපිට අතුපන්දලම  අලුත් කිරීමේ  චාරිත්රන යද  මෙදින  සිදුකරයි.

පසුගිය දිනයන්ට වඩා අද පෙරහැරට අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම් කීපයක් එක් කර ගන්නාබව බස්නායක නිලමේ කාර්යාලය පවසයි.

(08) හිස නැතුව යතුරු පැදි වලින් ඉගිළෙන පාසල් බබාලාට අනුරපුර පොලිසීයෙන් තොප්පියක්  

හිස් වැසුම් නොමැතිව හෝ රියදුරු බලපත්‍ර නොමැතිව පාසල් නිල ඇඳුමෙන් යතුරුපැදි මගින් ගමන් ගන්නා පාසල් සිසුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ තිළිණ හේවාපතිරණ මහතා කියයි.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයින පුරාම පාසල් ළමුන් නිල ඇඳුමින් හිස් වැසුම් නොමැතිව ගමන් කිරීමත් රියදුරු බලපත් හිමිකම් නොමැති බාල වයස් පාසල් ළමුන් යතුරු  පැදි ධාවනය කිරීමත් හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇත.

පාසල වෙත රැගෙන එනම තම දරුවාගේ ආරක්ෂාව නොතකන මාපියෝ ඔවුන්ට හිස් වැසුම් පළඳවාගෙන දරුවාට හිස්වැසුමක් නොමැතිව රැගෙන ඒම දරුවාගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම රියැදුරු බලපත් නොමැති බාල වයස්කාර පාසල් සිසුන් මෙන්ම වයස සම්පූර්ණ කළද රියදුරු බලපතක හිමිකම නොමැති සිසුන් හිස් වැසුමද නොමැතිව මාර්ගයේ ඉතා වේගයෙන් අපරික්ෂාකාරීව ගමන් කිරීම හේතුවෙන් මගී ජනතාවද දැඩි අසීදතාවට පත්ව සිටිති.

පාසල් ආරම්භ වන වේලාවේ සහ පාසල් අවසන් වන වේලාවේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී පවා මේ පාසල් සිසුවන් මේ ආකාරයෙන් කටයුතු කරයි.රියදුරු බලපත් නොමැති බොහෝ පාසල් සිසුවන් මෙසේ අත්තුනෝමතිකව සහ අපරික්ෂාකාරීව කටයුතු කරන්නේ සමහර යම් යම් දෙමාපියන්ගේ බල පුළුවන්කාරකම් මත බවද කියැවේ.

කුමන තරාතිරමක වුවද අදාල නීතිය ක්‍රියාත්මක කරන ලෙසට තමා පොලිසියට උපදෙස් ලබාදී ඇතැයිද අවවාදයෙන් මේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි නම් වහාම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිසියට දන්වා සිටියි.

(010) මහින්ද සිදු වන දේ මෙන්න

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ දී එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවන පදවිප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදලින් රුපියල් ලක්ෂ 17ට අධික පාඩුවක් සිදුකළයි හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීපේරත්න මහතා ඉදිරියේ ඊයේ (30) අල්ලස් කොමිසම අධි චෝදනා භාර දුන්නේය.

අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසට නියෝග කළේය.

විත්තිකරුවන්ට ඇප නියෝගය නිකුත් කිරීමට පෙර ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය කුමක්දැයි විනිසුරුවරයා විමසා සිටියේය.

ඔවුන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධතා නොමැති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළාය .

මෙම අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තිය විසින් මූලික  විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව විත්තිකාර ජයන්ත එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ සඳහන් කළ අතර විත්තිකරුවන්ට චෝදනාපත්‍රය කියවාදීමෙන් අනතුරුව අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙසට එහිදී විනිසුරුවරයා සඳහන් කළේය.

අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු මස 20 වන දින කැඳවීමට විනිසුරුවරයා දින නියම කළේය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ දී එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවන පදවිප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් එම වසරේ නොවැම්බර් මස 19 වන දා ජාතික පුවත්පත් කිහිපයක දැන්වීම් පළ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදලින් රුපියල් 1748877.76ක මුදලක් රජයට පාඩු කිරීම මගින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පහක් යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි

නඩුවේ සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන විසි එකක්ද අධිකරණයට පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබිණි.

(11) පාස්කු ඉරු දින තවත් කතාවක්!

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව නැවත  මස 28 වන දින කැදවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (30) නියම කළේය.

නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුව සඳහා නව විනිසුරුවරයකු අගවිනිසුරුතුමිය විසින් පත් කරනතෙක් බලා සිටින බවට ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා නඩුව කැදවීමට වෙනත් දිනයක් ලබා දෙන මෙන්  ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව ජුලි මස 28 වන දින යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් පැමිනිල්ලේ සාක්ශි කැදවීමෙන් අනතුරුව විත්තිවාචික නොකැදවා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරන විනිසුරු මඩුල්ල නියොග කර තිබූ අතර එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණ.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව  එම නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර ඒ අනුව මෙම නඩුව යළි කැදවීය.

(012) නාමල් රාජපක්ෂ කියන කතාව

ගැනීම වැළැක්වීම සදහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්යණ ප්රැකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහත වැටී ඇති අතර ,මෙය මහා සංඝරත්නයට  සිදු කෙරෙන බරපතල අගෞරවයක් බව   පාර්ලිමේන්තු මන්ත්රීඅ නාමල් රාජපක්ෂ මහතා සිය  x ගිණුමේ තැබූ සටහනක සදහන් වේ.

බලයට පත් වී පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ ආණ්ඩුව, දැන් තම අසාර්ථකත්වයන් වසා ගැනීමට මංමුලා වූවන් ලෙස අසත්යස ප්රෙචාරය කරමින් එය වසා ගැනීමේ උත්සයක නියැලී සිටියි.

මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද මඩ ප්රෙචාරයක්  පමණක් නොව, අපගේ ගෞවරණීය ආගමික නායකයින් දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන නින්දිත උත්සාහයකි. එවැනි ක්රි යා දැඩි ලෙස හෙළා දැකිය යුතුමය.

මීට පෙර අවස්ථාවකදීද ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගරු විනිශ්චයකාරවරුන් සහ අධිකරණය ඉලක්ක කරගනිමින්ද මෙවැනිම මඩ ප්ර්චාරයක් ආණ්ඩුවේ අනු දැනුමින් ක්රිධයාත්මක විය.

අප ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්රවචාරයන් සම්පූර්ණයෙන්ම අසත්ය  වන අතර, මගේ පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්යා්ජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය මෙහිදී පැහැදිලිය.

මගේ පවුලේ අය සහ මම නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති අතර, ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්රීහයක් අපේක්ෂා නොකරන්නෙමු. අපි රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය තබා සිටිමු.

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් මහජනතාව නොමඟ යැවීම නතර කර ඔවුන් දුන් පොරොන්දු ඉටු කිරීම ආරම්භ කිරීමට කාලය එලැඹ ඇත. නැතහොත් සිදු වන්නේ දිගින් දිගටම බොරු කීමට පමණි. ව්යා ජ ප්රමචාරණ, චරිත ඝාතන සහ නීතිය දේශපාලනීකරණය කිරීම යන උපක්රටම තුලින් ජාතික ජනබලවේගය ඔවුන්ගේ නොහැකියාවන් සහ අසාර්ථක බව වසා ගැනීමට උත්සහ දරන්නේ ඔවුන් මංමුලාවී සිටීම නිසාත් නින්දිත ක්රිනයා සඳහා ඔවුන්ට ඇති පුරුද්ද නිසාත් ය.

(013) මහ දවල් හිරුණිකා කල රංගනයට  හේතු කොළම අධිකරණයට වාර්තා කරන්න

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්රසය ප්රඉදේශයේ වීථි නාට්ය යක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නි හිරුණිකා ප්රේිමචන්ද්ර් ඇතුලු සැකකරුවන් 15  දෙනාට එරෙහිව  විභාග වන නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් 8 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්රාෙත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට (30) දින නියෝග කළාය.

එම නඩුව ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම කෙරුණ අතර සැකකාර හිරුණිකා ප්රේවමචන්ද්රක ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු හා එක් සැකකරුවෙකු අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියහ.

සිද්ධියට අදාල වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් පෙර නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ බවද  කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.

එම නාට්ය  පැවැත්වූ ස්ථානය ප්රදසිද්ධ ස්ථානයක් බවත් පොලිසිය සඳහන් කරන පරිදි කිසිදු මහජන පීඩාවක් හෝ පොලිස් ආඥා පනිත කඩකිරීමක් තම සේවා දායකයකින් සිදු  නොකළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට දැන්වීය.

සිය සේවා දායකයන් වීදි නාට්යපයක් රඟපා ඇති බව සැබෑ නමුත් ඔවුන් කඩු පොලු රැගෙන අවහිර කිරීමක් සිදු නොකළ බවද නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවා දායිකාවන් සමගි ජන බලවේගය පක්ෂයේ කාන්තා සංවිධානය නියෝජනය කරන අයවලුන් බවත් එවකට රට තුළ පැවති ආර්ථික අර්බුදයට එරෙහිව ඔවුන් 2022 වසරේ නොවැම්බර් මස 14 දින නිදහස් චතුරස්රහය ප්රුදේශයේ වීථි නාට්යහයක් රඟ දක්වා ඇති බවත් සැකකාරියන් පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රානත්වරිය සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 8 වන දින නැවත කැඳවීමට නියෝග කළාය.

(14)  ගායන ශිල්පී ඉෂාක් බෙග් විකුන් කෑ සැකකරුවන් අධිකරණයට ඉදරිපත් කරන් කොළඹ අධිකරණය නියෝග කරයි!

රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීන ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට මුල්‍යමය ආධාර ලබා ගැනීමට යැයි පවසමින් විදෙස් රටවල සිටින ලාංකික පුද්ගලයන්ගෙන් වංචා සහගතව මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රා ත් කසුන් කාංචන දසනායක මහතා ඊයේ (30) මුල්ලේරියාව පොලිසියට නියෝග කළේය.

ජ්යෙයෂ්ඨ මාධ්ය වේදී රංගන සිල්වා මහතා කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට මුල්ලේරියාව පොලිසිය කරන ලද ඉල්ලීමත් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

කිසියම් පුද්ගලයකු තමන් මාධ්යලවේදී රංගන සිල්වා බව පවසමින් විදෙස් රටක සේවයෙහි නියුතු අයකුට කතා කර රෝගී තත්ත්වයේ පසුවන ප්රංවීණ ගායන ශිල්පි ඉෂාක් බෙක් මහතාට මූල්යට ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කෝටියක්” වැඩසටහන සඳහා මූල්යර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එම විදෙස් ජාතික ශ්රීට ලාංකිකයකු තමන්ට ඒ බව දැනුම් දී ඇති බව මාධ්යාවේදී රංගන සිල්වා පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසූහ.

මාධ්ය වේදී රංගන සිල්වා මහතාගේ නම භාවිතා කරමින් කතා කළ සැකකාර පුද්ගලයා මුදල් බැර කිරීම සඳහා එම විදෙස්ගත ශ්රීන ලාංකිකයාට ගිණුම් අංකයක් පවා ලබාදී ඇති ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

රෝගී තත්ත්වයෙන් පසුවන ඉෂාක් බෙග් මහතාට මූල්ය. ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කොටියක්” වැඩසටහන සඳහා මූල්යර ආධාර ලබාදෙන ලෙසට තමන් කිසිවෙකුට දැනුම් දී නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ තමන්ගේ නම ව්යාවජ ලෙස භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මූල්යග ජාවාරමක නිරතව සිටින බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස මාධ්යයවේදී රංගන සිල්වා මහතා එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

(15) ඇතුගල් පුර වරයේ ව්‍යාපාරකායාගේ ඝාතනය

කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාරිකයා පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර රන්භාණ්ඩ, මුදල් ඇතුළු දුරකථනය කොල්ලකෑ සැකකටයුතු පුද්ගලයන් දෙදෙනා වන පිළැස්ස පදිංචි වෘතියෙන් වැහිපිහිළි සවිනිරීමෙි යෙදිසිටින   “බුලා”  නොහොත් සිරිමල් දුරයලාගේ දිල්ෂාන් (27) සහ කුඹුක්වැව පදිංදි චන්නකු මදියන්සේලාගේ හෂාන් මධුසංඛ දිසානායක (19) කුරුණෑගල, මාවතගම,මහව සහ දොරටියාව පොලිස්ථානවල පොලිස්නිළධාරින් දසදෙනකුගේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට  ගෙන ඇත.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සමිබන්ධයෙන් පළමු සැකකරු වන “බූලා” කුරුණෑගලදී ද දෙදවන සැකරු වන කුඹුක්වැවෙි හෂාන් මඑවදී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (01) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර වැඩිදුර පරීක්ෂන සදහා අධිකරණයෙන්රැඳවුමි නියෝග ලබා ගන්නා බව කුරුණෑගල  මුලස්ථාන අපරාධ විමර්ශන අංශය පවසයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවු මෙිරිමවුන්ටි වත්තමිලල්ලව පදිංචි කුරුප්පු අප්පු හාමිලාගේ කමල් සමිපත්කරුප්පු (49) ඔහුට අයත් එක්ස්ටෙිල් වර්ගයේ ජීප්රථයෙන් ගමන්කරමින් සිටියදී පැහැරගෙන ගොස් ගෙල සිරකර ඝාතනයකර සිරුරට ගිණිතබා ඔහු සන්තකයේතිබු ජංගම දුරකථනය රන්භාණ්ඩ සහ මුදල්පැ හැරගෙන මහව පොලිස් බළප්‍රදේශයේ කටිටබුවාව දියඹැටෙි කැළෑවක  පාළුස්ථානයක ඔහුගේ හෝටර්රථය තුලදමා මනුෂ්‍ය ඝාතනයක්කල සැකකටයුතු අපරාකරුවන් දෙදෙනා වයඹපළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නියෝග මත  මෙසේ අත්අඩංගුවට ගැණීම සිදු විය.

ඝාතනයකිරීමට යොදාගත්  අඩි 21 දිගැති ලණුවක්ද ඔවුන්සතුවතිබී ඇත.වටිනා ජංගම දුරකතන මරණකරුගේ  ගෙලබැදී රන් මාලය රන් මාලය උකස්කර ලබාගත් රුපියල් ලක්ෂ 16 ක් ලබාගත් රිසිටිපත, කොල්ලකෑ  දේපල උකස්නර පබාගත් මුදලින් මිළදීගත් ස්මාටි දුරකතනය ,සැකරුවන් රුපියල් ලක්ෂ 3 මදලක් නයටගෙන එයපියවීමට කටයුතුකර තිබෙනබව ද පොලිස්පරීක්ෂන වල දී අනාවරණය වී තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න