•  ඇස් අඳ අලියාට අලි සරණයි!

මාතලේ පලාපත්වල කවටයමුණ, තොටගමුව හා වාවින්න අවට ප්‍රදේශවල නිවැසියන්ට ඉමහත් ගැටළුවක් බවට පත් වු දෑස් නොපෙනෙන වල් අලියෙකු වනජීවි පශු වෛද්‍යවරුන් විසින් හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයට පිටත්කර යැවීමට කටයුතු කෙරුණි .

පොළොන්නරුව ගිරිතලේ පශු වෛද්‍ය කණ්ඩායම සහ ගම්වාසින් 28 දා පාන්දර  කළ මෙහෙයුමක දී දෑස් නොපෙනෙන වන අලියා අල්ලා  ගෙන හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයට පිටත්කර යවා ඇත .

දෑස් නොපෙනෙන මෙම වන අලියාටඅමතරව අමතරව  තවත් වන අලින් තුන්දෙනෙකු මෙම ප්‍රාදේශය තුළ ගැවසෙන අතර එම වන අලින්ද  කැලෑ ප්‍රදේශවලට පළවා හැරීමට නියමිත බව වනජීවි නිලධාරියෙකු පැවසීය.

(02) මොනරාගල බන්ධනාගාරයට ගුවනින් මත්ද්‍රව්‍ය පතිත පතිත වෙයි!

ත්‍රී රෝද රථයකින් පැමිනි පිරිසක් ( 28 )  මොණරාගල බන්ධනාගාරය ඇතුලට වැටෙනසේ, එහි තාප්පයට ඉහලින්,හෙරොයින් සහ දුම්කොල අඩංගු පාර්සලයක්,විසිකර පළාගොස් ඇතැයි, මොණරාගල පොලිසිය පවසයි.

බන්ධනාගාර නිළධාරින් මෙම සිද්ධිය දැක,  ත්‍රි රෝද රථයෙන් පැමිණි, සැකකරුවන් විසිකල පාර්සලය අහුලාගෙන ඇති අතර, එහි තිබි,හෙරොයින් මිලිග්‍රෑම් 34ක් හා දුම්කොළ දෙකක් තිබී සොයාගෙන,එම පාර්සලය මොණරාගල පොලිසියට ඉදිරිපත්කර තිබෙි.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය මෙිවනවිට හදුනාගෙන ඇති බවත්,එම සැකකරුවන් හා ඔවුන් පැමිනි ත්‍රී රෝද රථය කඩිනමින් අත්අඩංගුවට ගැනිමට කටයුතුකරන බවත්ය.

මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, මොණරාගල මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක මහතා වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

(04) රිය අනතුරක්!

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අන්වාරම පල්ලිය ආසන්නයේදි 28 දා දහවල් 11.30 පුද්ගලික බස් රථයක් හා ටිපර්  රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවූ අනතුරින් ලොරි රථයට බරපතළ හානි සිදුවි එහි  ගමන්කල දෙදෙනා තුවාල ලබා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුලත්කර ඇතිබවද පොලිසිය පැවසීය .

අනතුරුට පත්ව ඇත්තේ කොළඹ සිට මාතලේ දෙසට දාවනය කල බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්  කෑගල්ල දෙසට දාවනය කල ටිපර් රථයක් බවද පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ දූල්දෙනිය සාමගම ප්‍රදේශයේ  පුද්ගලයන් දෙදෙනකු බවද පොලිසිය.

සිද්දිය සම්බන්ධයෙන් පුද්ගලික බස්සරථයේ රියදුරා අත්අඩංගුවට ගෙන අද දින මාවනැල්ල දිසා මහේත්‍රාත් අධික්ෂණය හමුවට ඉදිරිපත් කිරිමකට නියමිත ඇතිබවද පොලිසිය පැවසීය .

අනතුරින් ටිපර් රථයේ ගමන් කල දෙදෙනාගේ තත්වය ඒ තරම් බරපත නොවන බවත් ටිපර් ථ‍යට බරපතළ හානි සිදුවි ඇතිබවද පොලිසිය පැවසීය .

පුද්ගලික බස්සරථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වන්නට ඇතිබවට කරුණු අනාවරණය වි ඇතිබවත් සිද්දිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

(05) බදුල්ලේ පත්තිනි දේවියගේ ආභරණ හොරු ගනී!

වසර හාරසියයකටත් එහා ඉතිහාසයක් ඇති ඓතිහාසික බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ දේව ආභරණ ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව බදුල්ල පොලීසිය සදහන් කර සිටී.

මීට දින කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් දේවාලයේ වත්මන් කපු මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.

දේවාලයේ දොර විවෘත කොට එහි තිබූ දේව ආභරණ, ධාතූන් වහන්සේ වැඩමකර සිටි කරඬුව සහ හඳගල මෙලෙස සොරකම් කර ඇති බව ප්‍රදේශවාසීන් සදහන් සිටී. මේ පිළබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් වන

මල්කාන්ති ජයසිංහ මහත්මිය

මේ දේවාලය හාස්කම් සහිත තැනක්. ගොඩාක් පිට පළාත්වලින් බැතිමතුන් එනවා. සෑම වසරකම දේවාලයේ උත්සව පැවැත්වෙනවා. මේ මෑතක ඉඳන් ඒවා සිදු කෙරෙන්නේ නැහැ. ඊට හේතුව තමයි අලුතෙන් ආපු නිළමේ. ගම්මඩු උත්සවය තියන්නවත් ඒ මහතා ඉඩ දෙන්නේ නැහැ. දේවාලයේ දියුණුවක් ගැන කිසිම වැඩක් කරන්නෙත් නැහැ. මේ දේව ආභරණ නැති වෙන්න මූලිකම කෙනා මේ නිළමේ වෙන්නත් පුලුවන්. ඒ නිසා මේවා ගැන නිසි පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලනවා.

ජයරත්න පෙතියාගොඩ මහතා

දේවාලයේ විදානේ තනතුරේ දීර්ග කාලයක් මම තමයි සේවය කලේ. මෙම දේවාලයේ මීට පෙර නිළමේවරුන් හය දෙනෙක් හිටියා. මේ වගේ නිළමේ කෙනෙක් නම් මගේ ජීවිතේට දැක්කේ නැහැ. දේවාලයට අයිති ගොඩ මඩ ඉඩකඩම් ඔක්කොම ඉවරයි. මේ නිළමේ දූෂිතයෙක්. දේවාලයට අයිති මායිම් විකුණනවා. මේ ආභරණ නැතිවෙච්චි එකටත් කපු මහත්තයයි නිළමෙයි වගකීම භාරගන්න ඕනි. ඔය දෙන්නව අත් අඩංගුවට ගන්න ඕනි. මේක ලොකු වංචාවක්.

(06)  නාවික හමුදාව අතුරුදන් වූ ධීවරයන් මුහුද දෙවනත් කරමින් මෙහෙයුමක!

ගාල්ල වරායේ සිට  නාවික සැතපුම්  09ක් පමණ ගැඹුරු මුහුදු තිරයේ දි  අනතුරට පත් යාත්‍රාවේ සිටි  ධිවරයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රථිකාර සදහා පෙරේදා (28)  ගාල්ල ජාතික රෝහලවෙත ඇතුළත් කිරිමට කටයුතු කළ බැව් නාවික හමුදාව පවසයි.

එමෙන්ම, අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරුද නාවික හමුදාව විසින්  ගොඩිබිමට රැගෙන එනු ලැබිය. ධිවරයින් පස්දෙනෙකු  ඉකුත් 27 වැනිදින  දිනේෂ් 04 නැමති බහුදින ධිවර යාත්‍රාවෙන්  ධිවර රක්ෂාව සදහා ගොස් සිටියදි එදින රාත්‍රි ගාල්ල බේරුවල අතර ගැඹුරු මුහුදු තිරයේ දි  නෞකාවක ගැටි අනතුරකට පත්වි ඇත. මෙම අනතුරත් සමග ධිවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මකයින් සිව් දෙනෙකු අතුරුදහන් වි ඇති අතර  එක් ධිවර කාර්මිකයෙකු ගාල්ල ධිවර වරායෙන් රැකියා සදහා පිටත්වු  නිපුනි 04 නැමති යාත්‍රාවට ගොඩවි දිවිබේරාගෙන ඇත.

 මේ පිළිබද තොරතුරු ලැබිමත් සමග, නාවික හමුදාව ගුවන් හමුදාවත් සමග  එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි අතුරුදහන් වු ධිවර කාර්මිකයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භකරණු ලැබිය. ඒ අනුව, ගාල්ල වරායේ  සිට නාවික සැතපුම් 09 ක් පමණ (කිමි 16 ක් පමණ) දුරින් වු මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයා නිපුනි 04 නැමති යාත්‍රාවේ සිටියදි  එම  ධීවර යාත්‍රාවේ ද  සහයෝගය ඇතිව නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් පෙරේදා (28) උදැසන ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කිරිමට කටයුතු කරණු ලැබිය..

 ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයින් සොයා නාවික හමුදා විශේෂ කණ්ඩායමක් විසින් එම මුහුදු ප්‍රදේශයේ දි  විශේෂ මෙහෙයුමක් ආරම්භ කරණු ලැබිය. අනතුරට පත් යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයෙකු  ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින්  සිටි ඇත.පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් යාත්‍රාව තුලට සම්පීඩනය කරන ලද සාමාන්‍ය වාතය සහිත වායු සිලින්ඩර් ආධාරයෙන් ධීවරයා වෙත ඔක්‍ෂිජන් ලබා දෙමින්, ඊට සමඟාමීව යාත්‍රාව මුහුදේ ගිලීම වළක්වාලීමට අවශ්‍ය තාක්‍ෂණික ක්‍රමවේද නියමිත පරිදි යොදමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර, මහත් පරිශ්‍රමයකින් දරා යාත්‍රාවේ  සිරවී සිටි එම ධීවරයා බේරා ගැනීමට කටයුතු කරණු ලැබිය. එම ධිවර කාර්මිකයාද .  පෙරේදා (28) පස්වරුවේ දි ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රථිකාර කටයුතු සදහා  ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරිමට නාවික හමුදාව විසින් කටයුතු කරණු ලැබිය.

 මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ  ඒ.ඩබ්ලිව්.පි ඒ සමන්ත, (46)  සහ සරත් විමලශාන්ත  (58) දෙවිනුවර හා වැලිගම ප්‍ර දේශයේ පදිංචි ධිවර කාර්මිකයින් දෙදෙනෙකි. අතුරුදහන් වි ඇති , අනෙක් ධීවර කාර්මිකයා සොයා  නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ කණ්ඩායමක් තවදුරටත් අඛණ්ඩව එම මුහුදු ප්‍රදේශයේ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටියි.

(07) මහ මුදුදේ අනතුර මෙන්න කතාව!

ගාල්ල මුහුදේ නැවක ගැටුණු ධීවර යාත්රාරවේ සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව නිරුපද්රිුතව බේරා ගනියි.

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්රගදේශය තුල (27) වැනි දින අනතුරට පත් ධීවර යාත්රාරව තුළ සිටි ධීවරයන් දෙදෙනෙකු නිරුපද්රියතව බේරා ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම අනතුර සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්රබදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.

දෙවුන්දර ධීවර වරායෙන් (27) සවස පිටත්ව ගිය මෙම යාත්රාෙවේ ධීවරයින් 5 දෙනෙකු සිට තිබේ.

ඒ අනුව, ගාල්ල සිට නාවික සැතපුම් 09 ක් පමණ (කිමි 16 ක් පමණ) දුරින් වු මුහුදු ප්රනදේශයේ අනතුරට පත් යාත්රාසවේ සිටි ධීවරයෙක්, තවත් ධීවර යාත්රාකවකද සහයෝගය ඇතිව නාවික හමුදාව ඊයේ උදෑසන (28) නිරුපද්රිීතව බේරා ගෙන, වැඩිදුර ප්රරතිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් ගාල්ල ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, ආපදාවට පත් ධීවර යාත්රා වේ සිටි අනෙක් ධීවරයින් සොයා නාවික හමුදා විශේෂ කණ්ඩායමක් විසින් එම මුහුදු ප්රරදේශයේ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එම මෙහෙයුම මගින් මුහුදේ පෙරලී ඇති යාත්රායව තුළ ධීවරයෙක් තවදුරටත් ජීවත්ව සිටින බවට අනාවරණය විය. ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් යාත්රාකව තුලට සම්පීඩනය කරන ලද සාමාන්ය  වාතය සහිත වායු සිලින්ඩර් ආධාරයෙන් ධීවරයා වෙත ඔක්ෂිීජන් ලබා දෙමින්, ඊට සමඟාමීව යාත්රානව මුහුදේ ගිලීම වළක්වාලීමට අවශ්ය් තාක්ෂකණික ක්ර්මවේද නියමිත පරිදි යොදමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර, මහත් පරිශ්ර්මයකින් සිරවී සිටි එම ධීවරයා බේරා ගැනීමට කටයුතු කෙරිණි.

පසුව එම ධීවරයා කඩිනමින් ගාල්ල වරායට රැගෙනවිත් ප්රීතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට ඊයේ (28) සන්ධ්යාකවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, අනතුරට පත් එම ධීවර යාත්රා වේ සිටි ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරුද ඊයේ සවස ගොඩබිමට රැගෙන ආ අතර, අනෙක් ධීවරයා සොයා, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ කණ්ඩායමක් තවදුරටත් අඛණ්ඩව එම මුහුදු ප්රයදේශයේ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

(08) එක්ස්ප්‍රස් නෞකාව යළිත් දිය යට දී පෙරළෙයි! සුන්බුන් ගොඩක් කොළඹ ගල්කිස්සට වෙරළට ගොඩ ගසයි!  

මෙයට වසර කීපයකට පෙර කොළඹ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ තිබූ සුදු පැහැති රසායනික කැට විශේෂය යලිත් පසුගිය 28 වනදින උදෑසන ගල්කිස්ස වෙරල තීරයට ගොඩ ගසා තිබූ බව ධීවරයෝ පැවසූහ.

මෙයට පෙර වාරවලදී මෙන්ම මෙවරද මුලු වෙරලම අපවිත්‍රවී ධීවර කටයුතුවලට පවා දැඩි අපහසුතා මතුව ඇතැයි ඔව්හු  සඳහන් කළහ.

ගැඹුරු මුහුදේ සිටින මසුන් කැස්බෑවුන් වැනි සතුන් පසුගිය කාලයේ බහුලව මියගොස් විටින් විට වෙරලට ගොඩගසා ඇත්තේ මෙම කැට වර්ගය ආහාරයට ගැනීමෙන් වියහැකියැයි ධීවරයෝ සැක කරති. 

මෙවරත් එලෙස සිදුවීමට ඉඩ ඇතැයි පවසන ඔවුන් මේ පිළිබඳව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන පරීක්ෂණ සිදුකර එම ද්‍රව්‍ය ඉවත් කරවීමේ  පිළිවෙලක් අරඹන ලෙස ධීවරයින් ඉල්ලා සිටී.

(09) පොල්ලකින් පහර දී දෙදරු පියා මරු බව කී දෙදෙනෙකු නිදොස් බළපිටිය අධිකරණය කියයි!

පොල්ලකින් පහර දී දෙදරු පියෙකු මරා දැමූ බව කියන දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස බළපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

2004 ජූලි මස පළමුවැනි දින හෝ ඊට ආසන්න දිනයකදී අහුන්ගල්ල නෙල්ලිගොඩ පදිංචිව සිටි සමත්තුවාවසම් ටයිටස් නැමති අය පොල්ලකින් පහර දී  ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අහුන්ගල්ල වැලිකත්ද පදිංචි කළුබුත් අජන්ත ද සිල්වා සහ අහුන්ගල්ල නෙල්ලිගොඩ පදිංචි සමත්තුවාවසම් විකුම් ශාන්ත යන දෙදෙනා මෙසේ නිදහස් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කුවින්දාහන්දි සුදේශ් චන්දිමාල් ද සිල්වා, ලියන ගමගේ ලලිත් ශාන්ත, නිලෙන්ති අනිල් ද සිල්වා, දේමුණි තරිඳු ප්‍රබුද්ධ ද සිල්වා, ඉන්දුවාදුර දිනේෂ් ද සිල්වා, පිං තුසිත ද සිල්වා, කළුබුත් අජන්ත ද සිල්වා සහ සමත්තුවාවසම් විකුම් ශාන්ත නැමති අට දෙනා චෝදනා ලැබ සිටියහ.

මිනීමැරීමේ චෝදනාව ඇතුළු චෝදනා හතකට නීතිපති විසින් විත්තිකරුවන්ට විරුද්ධව නඩු පවරා තිබිණි.

 2015 වසරේදී පැවති ජූරි නඩු විභාගයකදී කළුබුත් අජන්ත ද සිල්වා සහ සමත්තුවාවසම් විකුම් ශාන්ත යන දෙදෙනා හැර අනෙක් හය දෙනා නිදොස් කොට නිදහස් කළ අතර ජූරියේ සිටි හත් දෙනාගෙන් හතර දෙනෙකු විසින් මෙම දෙදෙනා ද නිදහස් කළ යුතු බවට තීරණය කළහ. එහෙත් තිදෙනෙකු විසින් මෙම දෙදෙනා වැරදි කරුවෝ ලෙස නම් කරන ලදී.

ජූරියේ මෙම බෙදුණු තීරණය නිසා නැවත මුල සිටම නඩුව විභාග කළ අතර සාකිෂි පරස්පර වූ හෙයින් මෙම චෝදනා කරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා විසින් තීරණය කරන ලදී. විත්තිය වෙනුවෙන් නීතිඥ කෝලිත ද ආබ්‍රෙව් මහතා පෙනී සිටියේ ය.

(10) මස්කෙළියේ සභාව උණුසුම් වෙයි!

මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම දැඩි උනුසුම් තත් ත්වයක්. සභාපතිධූරය ස්වාධීන කණ්ඩායම් වලට. උප සභාපතිධූරය සමගි ජන බලවේගයට.

මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (27) දින පස්වරු 2:30ට මස්කෙළියේ පිහිටි මස්කෙළිය අප්කට් පාර අචිනිකා උත්සව ශාලාවේදි පැවැත්විණ.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග කල  කන්දයියා රාජ් කුමාර් මහතා විවෘත ඡන්ද 09 කින් තේරී පත් වු අතර, ජාතික ජන බලවේගයේ සභාපතිවරයා සදහා යෝජනා කෙරුණු ආසිර්වාදම් එලිස්ටන් මහතා විවෘත ඡන්ද 08 ක් ලබා ගන්නා ලදී.

සභාපතිවරයා තේරිමේ ජන්ද ක්‍රමය තෝරා ගැනීම සම්බන්ධයෙන් එම සභාවට තේරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ තේරි පත් වීසිටින සභිකයින් කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ තම සභාපති අපේක්ෂකයට මරණීය තර්ජනය එල්ල වී ඇති බවත්, ඒ අනුව ඡන්දය රහස්ව පවත්වන ලෙසයි.

මෙයට විරුද්ධ වූ සමගි ජන බලවේගයේ සභිකයින් සභාව තුල කලහකාරි ලෙස හැසිරෙමින් කියා සිටියේ සභාපතිවරයා තේරිමේ ඡන්දය විවෘත ඡන්දයක් පවත්වන ලෙසයි.

දෙපාර්ෂවය අතර ඇති වු උනුසුම් තත්වය සැලකිල්ලට ගත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මිය ඡන්ද මතය විමසීම විෂේශ අවස්ථාවක් සේ සලකා රහස් ආකාරයෙන් පවැත්වීමට කටයුතු කරන බවයි.

පසුව මතය විමසිම රහස් ඡන්දයකින් පැවති අතර, එහිදි විවෘත ඡන්දය පවත්වන ලෙස ඡන්ද 10ක් සහ රහස් ඡන්දය පවත්වන ලෙස ඡන්ද 07ක්ද ලැබී තිබුණි.

මේ අනුව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිම විවෘත ඡන්දයකින් පැවැත්විණ.

දෙපාර්ෂවය අතර ඇති වූ උනුසුම් තත්වය හමුවේ සභාපතිවරයා තෝරා ගැනීමට පැයක පමණ කාලයක් ගත විය.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයෙන් තේරි පත් වූ පරමසිවම් රාජ්කුමාර් මහතා ඒක මතිකව එම සභාවට උප සභාපතිවරයා වශයෙන් තේරිපත් විය.

(11) ආගර පතන දේවයගේ නිල රථය අනතුරක!

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත්වු සත්‍යමුර්ති රතිදේවි මහත්මිය (ලංකා කම්කරු කොංග්‍රසය) ගමන් ගත් එම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය 28වන දින සවස අනතුරකට ලක්ව ඇත.

මෙකි සභාපතිනිය ඇයගේ ස්වාමි පුරුෂයා හා රියදුරු සමග ඩයගම ප්‍රදේශයේ පැවති පිලි ගැනිමේ උත්සවයකට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැත.

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති තේරිමේදි ජාතික ජනබල වේගයේ සහයෝගය මත ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමුර්ති රතිදේවි මහත්මිය සභාපති ලෙස පත්වු අතර මෙම අනතුර පිලිබදව ඩයගම පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇත.

(012)  රතු ඉර කියන දවසේ ධීවර කළුඳු කතාව!

අනේ සන්තානම් මැණිනේ බෝට්ටු අනතුරට පත් ව මිය ගිය ඥාතිහු  දුක කියති!

“මාතර ධීවර වාරය තුනකින් මූදු ගිය බෝට්ටු තුනක් අනතුරට ලක්විමෙන්  ධිවරයින් සිවි දෙනෙකු ජිවිතක්ෂයට – තිදෙනෙකු අතුරුදන්”

“මගේ පුතා  අවුරුදුවිසිපහක් තිහක්තිස්සේ ධීවර රැකියාවේ නිරත වෙනව. කවදාවත් මෙහෙම අනතුරකට ලක් වුණේ නෑ. මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ.” ඒ තවත් එක් මවකගේශෝකාලාපයයි

පසුගිය 27දින  පස්වරුවේ දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කර්මාන්තය සදහා මුහුදු ගිය  දිනේෂ් 04 බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට සැතපුම් 20ක් පමණ දුරක  මුහුදේදි අනතුරකට පත් විමෙන් පස්දෙනෙකු  දෙනෙකු අනතුරට ලක්ව ඇත.අනතුරට ලක්වූ එක් ධීවරයෙකු  නිපුනි 01 නමැති ධීවර යාත්‍රාවෙන් බේරා ගෙන තිබේ.ඉන් පසුව අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටිධීවරයින් සොයා නාවික හමුදාව කළ මෙහෙයුමේදී බෝට්ටුව තුළ සිටි තවත් පුද්ගලයෙකුනිරුපද්‍රිතව සොයා ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහාගාල්ල ජාතික රෝහලට රෝහලට ඇතුලත් කර ඇත.

“මගේ මහත්තයා අත උස්සල කෑගහලා කිව්වලුමාව බේර ගන්න කියලා. අපි ජීවත් වෙන්නේ ධීවර රැකියාව කරලා. මමත් පිළිකා රෝගියෙක්. අපේ වාසනාවට තමයි මහත්තයාව බේරුනේ.නාවික හමුදාවේ මහත්වරුන්ට ගොඩක් පින්.මගේ මහත්තයා බේරලා ගොඩට අරගෙන ආවට. එයාව ඉක්මනට සනීප කරලා දෙන්නකියලා මං රජයෙන් ඉල්ලනවා “

ඒ ධීවර බෝට්ටුවේ සිරවී සිටියදීබේරා ගනු ලැබූසුජිත් කුමාර මහතාගේ බිරිඳයි .

මෙම අනතුරින් මියගිය ධීවරයින් දෙදෙනෙකුගේමෘත ශරීරනාවික හමුදාව විසින්ගාල්ල වරාය වෙත රැගෙන  ආ අතර ස්කීපර්වරයාගේ සිරුර සොයානාවික හමුදාව හා ගුවන් හමුදාවමෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම ධීවර යාත්‍රාවේ ස්කීපර් වරයා ලෙස 48 හැවිරිදි A.W.P.චමින්ද කටයුතු කර ඇති අතර අනෙකුත් ධීවරයින් ලෙස  46 හැවිරිදි A.W.P.S සමන්ත , 41 හැවිරිදි L.H.T.නිරෝෂන් , 58 හැවිරිදි A.D.S.W. ශාන්ත හා 44 හැවිරිදි P.B.T. සුජිත් කුමාර යන අය  ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස්  ඇති අතර ඔවුන් දෙවුන්දර හා වැලිගම ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ. 

 මෙම  බහුදින ධීවරයාත්‍රාව වෙළෙඳ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇතිබවට සැක කෙරෙන  අතර ඒ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදු කෙරේ.

මේ මස 26 වන දින සිට 27පස්වරුව වන විට මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ධීවර වරාය තුනකින් ධීවර කර්මාන්තය සදහා  දියඹට පිටත්ව ගිය එක් දින හා බහුදින ධීවර යාත්‍රා තුනක් දියඹේදි අනතුරට ලක් විමෙන් එම බෝට්ටු වල ගමන් කරමින් සිටි ධීවරයින් සිවි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයින් තිදෙනෙකු 28දින  දහවල් වන විටත් අතුරුදහන්ව පවති.

කෝට්ටගොඩ ධීවර වරායෙන් මේ මස 26 වන දින ධීවර කටයුතු සදහා මුහුදු ගිය එක් දින ධීවර යාත්‍රාවක් ධීවර කටයුතු නිමවා නැවතත් ධීවර වරාය වෙත පැමිණෙමින් සිටියදි  කෝට්ටගොඩ ධීවර වරාය ආසන්න මුහුදේදි දිය රලකට හසුව පෙරලි යැමෙන් සිදු වු අනතුරින් එම බෝට්ටුවේ ගමන් කරමින් සිටි තිදෙනා අතුරින් එක් අයෙකු ජීවිත්ක්ෂයට පත්ව uතවත් අයෙක් තුවාල ලබා අනෙක් පුද්ගලයා අතුරුදහන් ව තිබු අතර එලෙස අතුරුදහන්ව සිටි ධීවරයාගේ සිරුර අද දින සොයා ගැනිමට හැකිව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  කෝට්ටගොඩ කටුගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  39 හැවිරිදි වසන්ත සංජීව හා  කෝට්ටගොඩ කටුගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 45 ක් වන ගයාන් සමීර යන මහත්වරුන් වන අතර අවුරුදු 47 ක් වු තේනුවර හැන්නදිගේ විජිත මහතා මෙම අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගැනිමෙන් අනතුරුව මාතර මහා රෝහලට ඇතුලත් කොට තිබේ.

නිල්වැල්ල ධීවර වරායෙන් මේ මස 17 වන දින ධීවරයින් හය(06) දෙනෙකු සමග ධීවර රැකියාව සදහා මුහුදු ගිය ජය ඉසුරු 03 බහුදින ධීවර වරායේ ස්කීපර්වරයා 27වන දින පස්වරුවේ මුහුදට වැටි අතුරුදහන්වි ඇති බවට එම බෝට්ටුවේ ගමන් කරන අනෙකුත් ධීවරයින් විඑම්එස්(VMS) තාක්ෂණය ඔස්සේ ගොඩබිමේ බහුදින ධීවර යාත්‍රාවක් දැනුවත්  කොට එම බෝට්ටුව මගින් ජයඉසුරු 03 බහුදින ධීවර යත්‍රාවේ හිමිකරු දැනුවත් කිරිමෙන් අනතුරුව ස්කීපවරයාගේ අතුරුදහන් විම පිලිබදව යාත්‍රාවේ හිමිකරු දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.

මේලෙස අතුරුදහන්ව ඇත්තේ 55 හැවිරිදි ශාන්ත අර්නස්ට් නමැති නිල්වැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු සොයා බහුදින ධීවර යාත්‍රා තුනක් කටයුතු කරමින් සිටිනා බව යාත්‍රාවේ හිමිකරු දික්වැල්ල පොලීසියට පවසා තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න