ඒ මහතා එසේ පැවසු වේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
ලුණු ද පොල් ද හාල් ද පිට රටින් ගෙනත් ආනයනය කල කිරි බතක් හදන තත්ත්වයකට රට ජනතාව පත්කර තියනවා. ජාතික ආරක්ෂාව බල්ලට ගොස් ඇති බව ද ඒ මහතා කීය.
මේ වන විට උද්ගතව ඇති යාපනය තිස්ස රාජ මහා විහාරයේ අ ර් බු දය බරපතල කාරණාවක් බවත් රජය ගන්නා වූ සමහර තීන්දු තිරණ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් දැකිය හැකි බව ද ඒ මහතා කීය.
මේ ආණ්ඩුව විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසා රට හමුවේ විපත් රසක් ඇති වෙමින් තිබෙන බව ද ඒ මහතා කීය.
කන්න නැතිව බඩගින්නේ සිටින ජනතාවට ඉතිහාසයේ පළවෙනි වතාවට ආනයනය කළ පොල් කිරි යොදා කිරි බතක් හදා ගන්න ඉඩ සැලැස්සූ අනුරගේ ආණ්ඩුව අවුරුදු 14 ක් පරණ රටවල් දෙකක් එපා කියපු ගුවන් බස් කුලියට ගෙනවිත් ජනතාව චූන් කරන්න හදනවා යැයි ද ඒ මහතා කීය.
ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට සිය පාලන කටයුතු සිදු කර ගෙන යෑමේ දී නා ගෙන වනා ගෙන සිටින මොහොතක මහජන දේපළ අව භාවිතය තුළින් තමන්ගේ ප්‍රචාරණ කටයුතු කර ගෙන යාම ආරම්භ කර ඇති බවද ඒ මහතා කීය.
තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ රාජ්‍ය සේවකයන්ට සියල්ලන්ටම කලින් තැපෑලෙන් පිළිතුරු ලබා දෙන්නත් ආණ්ඩුව කටයුතු කර ගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
අයුක්තියට අසාධාරණට විරුද්ධව මුහුණු පොතේ සටහනක් දැමූ රාජ්‍ය සේවකයන්ට ධූරයෙන් ඉල්ලා ඉවත් වන්න බලපෑම් කරන තැනට මේ මර් ද නකාරී ආණ්ඩුව ඒකාධිපති ස්වරූපයකට පත්ව ඇති බව ද ඔහු කීය.
ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය හා නිදහස වෙනුවෙන් දේශප්‍රේමී ජාතික බලවේගයේ අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ කීය.
අපිට මේ වන විට තොරතුරු තියෙනවා එල්ට්ටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවට ,තමන්ගේ ජන කොටස තුළින්ම මතුවුණ ත්‍රස්තවාදයෙන් බැට කෑ දෙමළ ජනතාවට නැවත ඔවුන් ජිවත් වූ රටට ගම් බිම් වලට එන්න තිබෙන අයිතියට අපි ගෞරව කළ යුතුව තියනවා.
ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය නිසි පරිදි ලබා දිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව ඉන්දියාව, ඩයස්පොරාව සහ දෙමළ අන්තවාදි දෙශපාලඥයන් ඉදිරියේ දක්වන බියගුලු හැසිරීම නිසා මේ ක්‍රියාවලිය ඉතා අවධානයකින් කල යුතු බව අපි කියනවා.
මේ වන විට පලාලි කන්කසන්තුරේ ගුවන් සහ නාවික ගමනාගමනයන් විවෘත වෙලා තියෙනවා. මේ සරණාගතයන් ලංකාවට එන්නේ ස්ථානවලින් නම්,ඒ තැන් වල ආගමන විගමන කටයුතු නිසි පරිදි වන බව තහවුරු විය යුතුයි.
වෙනත් රටක අවුරුදු ගණනක් පදිංචි වුවෙක් නැවත ගෙන්වා ගැනීමේ දී පොලිස් වා ර් තා සහ සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම මහජන ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්.
ඒ වගේම තමයි ඉන්දියාව ලඟදී ඔවුන්ගේ පුරවැසි නීතීය සංශෝධනය කලා. ඒ අනුව ලංකාව බංගලාදේශය සහ පාකිස්ථායෙන් ඉන්දියාවට පැමිණි බෞද්ධ, කිතුනු , හින්දු බැතිමතුන්ට අවුරුදු 6ක් ඇතුලත පුරවැසි භාවය ලබා ගන්න පුළුවන්.
එතකොට මේ අය අතර ඉන්දියාවෙ පුරවැසි බව ගත් අයත් සිටිය හැකියි. ඒ වගේම ඉන්දියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝහිණ්‍යා, ඇෆ්ගන් සහ පාකිස්තාන් සරණාගතයන් එන්න පුළුවන්. මේ ගැන අපි පරික්ෂාකාරි විය යුතුයි කියා අව විශ්වාස කරනවා.
බදුරදීන්ලා විල්පත්තුව කැලේ කැපුවේ මෙහෙම ආපු අය වෙනුවෙන්. ඒ අයගෙ ජන්දෙන් තමයි පා ර් මේන්තුවට ගියේ. මේකේ කණගාටුදායක තත්ත්වය තමයි දෙමළ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුවෙන් අබමල් රේණුවක් තමන් උපන් රටේ සරණාගතයන් බවට පත් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ.
උතුරේ සහ නැගෙනහිර ත්‍රස්තවාදය නිසා පලා ගිය සිංහල ජනතාව පදිංචි කිරීමට කීසිදු පියවරක් ආණ්ඩුව අරගෙන නෑ. සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමකින් තොරව කල්පවතින සංහිදියාවක් ඇති කරන්න බෑ. එහෙම සිංහල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව හෝ සංහිඳියා කා ර් යාලය කිසිදු ක්‍රියා මා ර් ගයක් අරගෙන නෑ.
ඉඩම් නිරවුල් කිරිමේ ආඥා පනත යටතේ යාපනය දිස්ත්‍රික්කයේ අයිතිය තහවුරු කළ නො හැකි ඉඩම් පවරා ගැනීමට ගෙනාපු 2025/03/28 සහ අංක 2430 චක්‍රලේඛය ආණ්ඩුව සුමන්තිරන්ගේ තර් ජනයට බයේ අකුල ගත්තා. මේ ක ලැජ්ජයි. මේ ආණ්ඩුව සුමන්තිරන්ට ඩයපොරාවට බයයි. සුමන්තිරන් කියන්නේ අපේ පා ර් මේන්තුව හදන නීතියක් යාපනයේ ඉඩම් වලට අදාළ වෙන්න බෑ කියලා.
දෙමළ ජනතාවට කොළඹ ඉඩම් ගන්න තියෙන අයිතිය සිංහල මිනිස්සුන්ට යාපනයේ නැති වෙන්නේ කොහොමද? තේසවලාමේ වගේ වා ර් ගි ක නීති අහෝසි නො කොට අව්‍යාජ සංහිදියා වක් ඇති කර ගන්න බෑ.
සිංහල මිනිස්සු ඉස්සර හා සිංහ සෙයියාවෙන් කෑ ගැහුවට සුමන්තිරන් ලා ඉස්සරහා බලු කෙඳිරියක්වත් නෑ. මෑතක දී තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය අපේ කණ්ඩායමකට බුද්ධ ශාසන ඇමති චණ්ඩි පාට් එකක් දාලා තිබුණා.
යාපනේ පැත්ත පළාතේ යන්න එපා කියලා. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වුන රටක හිනිඳුමට බුද්ධ ශාසන ඇමති වෙන්න හිමිකමක් නෑ. ශ්‍රද්ධාවක් නැති මිනිහෙක් කොහොමද බුද්ධ ශාසන ඇමති වෙන්නේ. යාපනයේ යනව ද වෙන කොහෙ හරි යනව ද තීරණය කරන්නේ බෞද්ධ ජනතාව යි.පොසොන් පෝයට යාපනයේ යන්නේ දස දහසක් ද ලක්ෂයක් ද කියන එක ආණ්ඩුවට තීරණය කරන්න බෑ. පොසොන් පෝයට ජනතාව සිල් සම්දම් වන්නේ තිස්ස විහාරයේ ද නැද්ද කියන බෞද්ධ ජනතාව තීරණය කළ යුතු ව ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ