අප රටේ නවතම විද්‍යුත් හැදුනුම්පත සකස් කරන්නට සියයට 99 ක්ම වැඩ අවසන් කර ඇති මොහොතක ඒ සඳහා රුපියල් බිලියන 5.5ක් වැය කර ඇති අවස්ථාවක ඒ සියල්ලම ඉවතට දමා ඉන්දියාවේ මෝදී සතුටු කරවන්නට මෝදිගේ සමාගමට අපේ රටේ ජනතාවගේ ජීව දත්ත සියල්ලම බිල්ලට දෙන නව දත්ත කොල්ලයකට මේ ආණ්ඩුව සැරසෙන බවත් මෙරට ජනතාවගේ ජීව දත්ත ටිකත් ඉන්දියාවට ගෙඩිය පිටින්ම දෙන්නට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඊයේ (13) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ද කීය.
මේ මහා පාවාදී ම ට සියලුම දෙනා පෙළ ගැසෙන්න මේ කරන පාවා දීමට මේ වැඩ කරන අයට වැහි නැති හෙණ වැදිය යුතුයි.
මෙරට ජනතාවගේ ජීව දත්ත සියල්ලම ඉන්දියාවට ලබා ගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබා දීමට සූදානම් බවත් ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන ලෙස ඒ මහතා ලාංකික සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙණ්ඩරය ලබා ගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන මේ වන විට කියා කරන්නේ මෝදී සමඟ පසුගිය දා ඇති කර ගත් හොර ගිවිසුම් වලට සමගාමීවයි.
මෙරට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සියලු බල තල දී තිබෙන්නේ ඉන්දියාවට අපට දුන් සොච්චන් මුදලකටයි.
ටෙන්ඩර් කැඳවීමේ වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාට ද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද මේ වන විට භාවිත වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ මේ අනුව ඉන්දියාව ගන්නවා. මෝදිගේ පාලනය යටතේ ඇති ආයතනයකටයි මෙය ගන්නේ යැයි කියන්න කැමැති යි.
ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස්වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මේ සියල්ලම. අපේ දත්ත සියල්ලම මේ අය ගන්නවා.
මේ තුලින් ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා. දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ජීව දත්ත ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න හදනවා. මේක ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමත් සමඟයි.
ඉන් අනතුරුව 2022 ජනවාරි 28 වැනිදා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කර ගත්තා.
එතනින් තමයි ඉන්දියාවට මේ අවකාශය විවෘත වුණේ. ඉන් අනතුරුව 2023 මැයි 8 වැනිදා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙණ්ඩර් කැඳවීමක් කළා. මෙම ටෙණ්ඩරයට ඉල්ලුම් කළ හැක්කේ ඉන්දියානු සමාගම් වලට පමණයි කියලා ඒ දැන්වීමේ තිබෙනවා.
ඉන්දියාව සොච්චම් මුදලක් වැය කරලා ලංකාවේම ජනතාවගේ දත්ත ටික ගන්නවා. රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් සතු වන වෙනවා.
එය තුන්වන පා ර් ශ වයකට මේ තොරතුරු පත්විය හැකියි. මෙය මහා බරපතල විනාශයක් පාවා දීමක් වෙනවා.
ඒක ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක් වෙනවා. ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. නමුත් පුනරුදයෝ මේක මල්වට්ටියකම තියා අපේ සියලුම තොරතුරු මිලියන 22 ජනතාවගේ තොරතුරු ඉන්දියාව දී මේ පරපතල විනාශයක් මේ ආණ්ඩුව සිදු කරනවා.
පෞද්ගලික සමාගම්වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම්වලට අපේ ඒ දත්ත ලබා දෙන්නේ නෑ. අපි ජීවත් වන යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිත වන ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත. අපි ඉන්නේ තොරතුරු යුගයක. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. තොරතුරු දත්ත කොල්ලයකට ලොවම සැරසෙන විටක දී අපේ පුනරුදයෝ ගෙඩිය පිටින් ම අපේ ජනතාවගේ තොරතුරු සියල්ලම ඒ අයට දෙනවා මේකට වගකියන්න කිසිවෙක් නෑ. මේක මහා පාවා දීමක්
ඉන්දියාව අද ඒ මැදිහත්වීම ලංකාවට සිදු කරමින් සිටිනවා. ඉන්දියාවේ රූකඩයක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.
ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවා නම් ඕන පාවාදීමක් කරනවා. මේ විනාශයට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වගේම රටේ දේශපාලන ස්වෛරීත්වයත් විනාශ කරන විද්‍යුත් හැඳුනුම්පත් මගඩිය පරදවන්න පෙළ ගැසෙන්න යැයි අපි ඉල්ලා සිටිනවා.
විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය හෝ මේ ගැන කතා කරන්නේ නෑ. ඒ ඇයි මේ අය ඉන්දියාවෙන් යැපෙන නිසා අපි නම් එහෙම යැපෙන පක්ෂයක් නො වෙයි.
ඉන්දියානු සමාගම්වලට කොල්ලකෑම සඳහා තමන්ගේ ශරීරයේ තොරතුරු, ජෛවමිතික ලක්ෂණ ලබා දීම වර් ජ නය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හැඳුනුම් පත හදන්න අපේ ජනතාවගේ දත්ත තොරතුරු ඉන්දියාවට දුන්නාම සිදු වන්නෙ මහා විනාශයක්. ඒ තොරතුරු මත රටේ සමාජ, ශාරිරික, සෞඛ්‍ය ආදි තොරතුරු සියල්ලම ඒ අයට ලබා ගත හැකියි.
ඒ අනුව වෙන වෙන ජාවාරම් සිදු කරන්ට අපේ රටේ ජනතාව බිල්ලට දෙන්න මේ පුනරුදයෝ කටයුතු කරනවා. මේ දත්ත ඉන්දියා හරහා වෙනත් රටටකට තෙවන පා ර්ශවයකට යන්නට හැකියි. එය බරපතල යි.
රට තාක්ෂණයෙන් සුවපත් කරන්නට යන අතරේ යැයි කියමින් ඩිජිටල් කරන බව කියන අනුර කුමාර දිසානායක රටේ විද්‍යුත් හැදුනුම්පත හරහා එකී කටයුතු සිදු කරන්නට තොරතුරු සියලුම ඉන්දියානු මෝදීගේ ආයතනයකට දී නව දත්ත කොල්ලයකට රටම පවා දෙන්නට ගමන් කරන කරනවා.
මෙයට ලාංකිකයන් ලෙස ඉඩ දෙන්න එපා. පන්ති පහේ ඒදා කී ඉන්දියානූ ව්‍යාප්ත වාදය අද කෝ. එය මේ අයට මෙය අමතක යි. රෝහණ විජේවිර කි කතා මේ අය සිදු කරනවා ද? නෑ. ඒවා මේ අයට අමතකයි. අනුරටත් ටිං ටිං සිල්වාටත් අමතක යි. ඒ ගැන කතා නෑ. ඉන්දියාවේ පගාවකට අපේ ජනතාවගේ තොරතුරු දන් දෙන්න මේ වන විට ආණ්ඩුව කටයුතු කරනවා. මේ ඊනීයා පුනරුදයෝ කටයුතු කරනවා.
රටේ දත්ත සෛරීභාවය අමු අමුවේ කොල්ල කනවා මේ කොල්ලයට සහයෝගය මේ ආණ්ඩුව කටයුතු කරනවා.
අප රටේ නව තම හැදුනුම් පත සකස් කරන්නට සියයට 99 ක්ම වැඩ අවසන් කර ඇති මොහොතක ඒ සඳහා රුපියල් බිලියන 5.5ක් වැය කර ඇති මොහොතක ඒ සියල්ලම ඉවතට දමා ඉන්දියාවේ මෝදී සතුටු කරවන්නට මෝදිගේ සමාගමට අපේ රටේ ජනතාවගේ ජීව දත්ත සියල්ලම බිල්ලට දෙන නව දත්ත කොල්ලයකට මේ ආණ්ඩුව සහයෝගය දෙනවා යැයි ද ඒ මහතා කීය.