වතු කම්කරුවන් ලක්ෂයක අධික පිරිසක් මහ පොළවේ අයිතිය ඉල්ලති!

වසර 200 ක් රටට දහඩිය වපුරන අහිංසකයන්ට  අසාධාරණයක්!

රට මැද කඳුකරය රත් වෙයි!

වතු කම්කරුවන්ට සැබැ ලෙසම ඔවුන් දැනට පදිංචිව සිටින ඉඩම් කොටසේ අයිතිය හිමි වන පරිදි අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මගින් ඉඩමේ අයිතිය තහවුරු කරන්නට ආණ්ඩුව වහාම පියවර ගත් යුතු බව ලංකා වතු හා කර්මාන්ත සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චාමර නානායක්කාර මහතා පැවසීය.

වතුකරයේ ජනතාවට වතු ඉඩම්වල අයිතිය ලබා දෙන ලෙස බල කරමින් වතුකරයේ සිවිල් ක්‍රියාකාරි සංවිධාන කිහිපයක් මේ වන විට  උද්ඝෝෂණවල නිර තව සිටින බව ද ඒ මහතා කීය.

මේ ජනතාවට එම ඉඩම් ලබා දිය යුතුව තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මේ අයට මේ වන විට ලබා දී තියෙන ඉඩමේ අයිතිය ගැන අපට සෑහිමකට පත් වෙන්න බෑ.

අදාළ වතු සමාගමේ පාලනයට යටත්ව වතු කම්කරුවා ජීවත්ව සිටින ඉඩමේ අයිතිය නීති රිති දමා පැවරීමක් සිදු කර තියන බවත් මෙය කිසි සේත්ම සෑහිමකට පත් විය නො හැකි බව ද ඒ මහතා කීය.

ඒ නිසා අප ප්‍රකාශ කරන්නේ මෙම ඉඩම් වල අයිතිය මේ අහිංසක කම්කරුවන්ට ලබා දෙන්න කියලා. නැතුව පදනම් විරහිතව කඩදාසි මගින් ලබා දෙන ඔප්පු වක් මගින් ඒ ජනතාවට කළ හැකි දෙයක් නෑ.

මෙය දිගින් දිගටම සියලුම ආණ්ඩු ද සිදු කළා. මේ නිසා මේ රැවටීම තවදුරටත් වතුකර ජනතාව නාමයෙන් සිදු කරන්න එපා මේ නිසා මේ ආණ්ඩුව වතු කර ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන්නට නිත්‍යණුකූලව බලපත්‍රයක් ලබා දෙන්නට අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශ කරන ලෙස අපි ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.

මෙරට තේ ආර්ථිකයට වසර 200ක කාලයක් විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන්ට මෙතෙක් පැවති කිසිදු රජයක් සින්නක්කර අයිතියට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපොහොසත් වී ඇති බව ද ඒ මහතා කීය.

වතු කරයේ ජනතාවට නිවාස අවශ්‍ය නොවන බවත් දැනට තිබෙන මුඩු ඉඩම් වතු කම්කරුවන්ගේ අයිතියට ලබා දෙන්නේ නම් එම ඉඩම්වල නිවාස ඉදි කර ගැනිමට වතු කම්කරුවන්ට හැකි ව ඇති බව ද මහතා කියා සිටියේ ය.

වත්මන් රජය බලයට ගෙන ඒමට වතුකරයේ ජනතාව කැප වී කටයුතු කල බවත් වත්මන් රජයේ ක්‍රියා කලාපය අනුව රජය කෙරෙහි තිබූ විශ්වාසය පළුදු වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න