සති දෙකකින් විසදුම් දෙනවා! අගමැතිණි හරිණි අමරසූරිය කියයි!
ජාතික ජන බලවේග ආණ්ඩුව මේ සම්බන්ධයෙන් හොර ගල් අහුලනවා!
විසඳුම් නෑ! ආණ්ඩුව හොරට නිදියනවා!
අද (14) ඉසුරුපාය ඉදිරිපිට දී වර්ජනයක් සාධනිය ප්‍රතිචාරයක් ආණ්ඩුව ලබා නො දුන හොත් අඛණ්ඩ විරෝධතාවයක් සමගින් මරාන්තික උපවාසයක් දක්වා ගමන් කරන්නට තීරණක….
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වරුන්ගේ ඉල්ලීම් නො ලැබුණු නිසා අද (14) කොළඹ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂයක නිරත වන බව බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් එස්. එම්.පී බණ්ඩාර මහතා පැවසී ය.
ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ සංගමය එක්ව මෙම තීරණය ගෙන ඇති බව ද ඒ මහතා කීය.
ලංකාවේ ජාතික අධ්‍යාපන පීඨ 20 කථිකාචාර්යවරු ද ගුරු විද්‍යාල 08 ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112 ගුරු කථිකාචාර්යවරු ද රටේ සියලුම ගුරු අධ්‍යාපනඥයන් ද මෙම වෘත්තීය සටනට එක් වන බව ද ඒ මහතා කීය.
අප අධ්‍යාපන විෂය භාර අගමැතිනිය සමඟ සාකච්ජාවක් සිදු කළා. ඒ අනුව ගුරු අධ්‍යාපන සේවයට බලපා ඇති වැටුප් විෂමතාවය විස දීමට පියවර නො ගැනීම, නිර්බාධ උසස් වීම් ක්‍රියාවලියට ගුරු අධ්‍යාපන සේවය ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු නො කිරීම, වැටුප් විෂමතා විසදෙන තෙක් අන්තර් කාලීන දීමනාවක් නො දීම,යෝජිත ගුරු විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර ඇති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග නො ගැනීම හමුවේ වත්මන් ආණ්ඩුව නිහඩ මෙන්ම නිද්‍රාශිලී පිළිවෙතක් මේ වන විට අනුගමන කරමින් සිටින බව ද ඒ මහතා කීය.
මෙම වෘත්තිය ක්‍රියා මාර්ග නිසා බලපෑමට ලක් වන පුර්ව සේවා ගුරු අධ්‍යාපනය ලබන ශික්ෂණලාභින්ට ද අඛණ්ඩ ගුරු අධ්‍යාපනය ලබන ගුරුවරුන්ට ද එල්ලවන කවරාකාරයක අහිතකර බලපෑම් වලට ද ගුරු අධ්යාපඥයන්ගේ අප සංගමයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද ඒ මහතා පැවසීය.
අප මේ සම්බන්ධයෙන් අගමැතියගෙන් කළ විමසුමක දී සති දෙකකින් මෙයට විසඳුම් දෙන බව පැවසුව ද මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුන් නිසා මෙම උද්ඝෝෂනය දියත් කරන බවත් අද (14) දිනයේ දී යම් විසදුමක් රජය ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ විරෝධතාවයක් සමගින් මරාන්තික උපවාසයක් දක්වා ගමන් කරන්නට තීරණය කර ඇති බව ද ඒ මහතා පැවසීය.
මෙයට සමගාමීව අප ලංකාවේ ජාතික අධ්‍යාපන පීඨ 20 කථිකාචාර්යවරු ද ගුරු විද්‍යාල 08 ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112 ක ක්‍රියාත්මක කරන සියලුම අධ්‍යාපන කටයුතු, ස්වේච්ජා සේවා කටයුතු වලින් ද ඉවත් වන්නට තීරණ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.