ප්‍රමිතියෙන් බාල හොර ඹෟෂධ රටට යළිත් ගෙන් වීමේ බරබතල අවධානමක් නිදහස් සෞඛ්‍ය සේවය හමුවේ ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

අප කළ විමසුමක දී රවි කුමුදේශ් මහතා මෙසේ ද පැවසීය.

අත්‍යාවශ්‍යය ඖෂධ 175කට වඩා හිඟයි. ආණ්ඩුව කරන්න හදන්නේ කෙහෙලිය කරපු දේම තමයි. නියපොත්තෙන්  කඩන්න තිබුණු ඖෂධ හිඟයට මාස හයක් තිස්සේ උත්තර හෙව්වේ නෑ. හෙට අනිද්දට කියයි ඖෂධ හිඟයට උත්තරයක් නැති නිසා ලියාපදිංචි නොවුනු ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වන්න වෙනවා කියලා. ඉන්දියාවත් එක්ක අලුතින් ගහපු ගිවිසුම නිසා කෙහෙලියගේ කාළයටත් වඩා වේගයෙන් හොර ඖෂධ බාල ඖෂධ එන එක නවත්තන්න බෑ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න