රටේ මධ්‍යම ඖෂධ ගඹඩාවේ අත්‍යවශ්‍ය බෙහෙත් 180 ක් නොමැති බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති පිළිබඳ පදනම් විරහිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.  

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව කිසිදු සත්‍යතාවයක් නැති බව ද ඒ මහතා කීය.

මධ්‍යම බෙහෙත් ගඹඩාවේ බෙහෙත් හිඟයක් බවතින බව කියමින් මාධ්‍ය සංද ර් ශන සිදු කරන සමහර වෘත්තීය සමිති නායකයන් මේ  ආකාරයට ජනතාව මුලා කරන්නට හා ජනතාවගේ අවදානය යොමු කරන්නට පියවර ගෙන තියනවා.

මේ දිනවල සමහර වෘත්තීය සමිති නිලවරණයන් තිබෙන නිසා ජනප්‍රිය වීමේ උවමනාව මත බොරු ප්‍රචාරය කර අසරණ රෝගී ජනතාව හා සමස්ත රට වැසියාව නොමඟ යන්නට කටයුතු කරන බව ද ඒ මහතා කීය.

මධ්‍යම හෙතේ ගඹඩාවේ ඔසු හිඟයක් තියන බවට කීවා ද ඒවා පදනම් විරහිතයි.එහි යම් හිඟයක් තිබුනත් අවශ්‍යතාවය සපුරා ගත් හැකියි. එහි යම් හඟයක් තිබුන ද  ප්‍රාදේශිය ඔසු ගබඩාවල බෙහෙත් ඇති තරම් තියනවා. ඒවා අනුව ඉල්ලුම නිසි පරිදි සපුරා ගත හැකියි.

සමහර බෙහෙත් තොග යම් කිසි රෝහල්වල හිඟයත් තිබුන ද එය විගස කළමනාකරණය කර ගෙන ඇනවුම් සිදු කරන්ට හා ක්ෂණිකව ඒ සඳහා පිළියම් යොදන්නට අප කටයුතු කරනවා.

අර මේ මේ ඒ බෙහෙත් නෑ කියමින් ජනතාව බොරුවට රවටනවා. ඒවා සම්පුර් ණයෙන්ම වැරදියි.

පිළිකා රෝගය සඳහා ලබා දෙන පසු බෙහෙත් හිඟයක අවශ්‍යතාවයක් තියනවා. එය සතියක් ඇතුලත සපුරා ගත හැකිව තිබෙනවා. දැනට ඇති ඔසු ප්‍රමාණය රෝගින්ට ලබා දෙන්නට අප පියවර ගෙන ඇති බවත් මාස 10 කට අවශ්‍ය එම ඔසු ගෙන්වීම ලබන සතියේ දී  සිදු කරන බව ද එවිට එම ගැටළුවට නිවරදිව මුහුණු දිය හැකි බවත් ඒ මහතා පැවසීය.

මෙම බෙහෙත් ගැටළුව ඇති වුනේ පසුගිය  කාලයේ සිදු වු ඔසු මාපියාව නිසා බවත් 2026 වන විට කිසිදු අවහිරතාවයකින් තොරව නිදහස් සෞඛ්‍ය සේවය  ජනතාවට ලබා දෙන්නට හැකියාව සම්බන්ධව දැවැන්ත සැලසුමක් අප සකස් කර ක්‍රියාත්මක කර ඇති බව ද ඒ මහතා කීය.

ජනතාවට සංවේදී  බෙහෙත් කතාව ඉදිරියට දමා මාධ්‍ය සංද ර් ශන  සිදු කරන සමහර වෘත්තීය සමිති නායකයන්ට මෙය ජනතාවගේ නාමයනේ සිදු කරන්න එපා කියා අප ඉල්ලනවා. බොරු කර ජනතාව රවට්ටන්නට එපා යැයි අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න