වනස්පති වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන අද (15) ගම්පහ  බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී ආරම්භ කරන්නට නියමිත බව පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට සමගාමීව සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට වේ.

ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද,මිල්ලකැලේ,වන්තිබ්බාගොඩ,වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් අද  (15) දින සිට නව රක්ෂිත ලෙස ගැසට් කරනු ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද  (15) දින සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න