රුපියල් මිලියන 100 කට අධික වියදමක් දරා ඉදිකෙරෙන හර්ද රෝග ඒකකයේ ඉදිකිරීම් ඇරඹෙයි.

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට කතරගම මහා දේවාලයේ ආධාර මත තෙමහල් හර්ද රෝග ඒකකයක් සහ තැලසීමියා ප්‍රතිකාර ඒකකයක් ඉදිකෙරේ.
රුපියල් මිලියන 100 කට අධික වියදමක් දරා ඉදිකෙරෙන හර්ද රෝග ඒකකයේ ඉදිකිරීම් මේ වන විටත් ආරම්භවී ඇතැයි මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා පතිරගේ මහත්මිය පවසයි.

මේ අතර කතරගම මහා දේවාලය විසින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකෙරන තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ද නුදුරේම ඇරඹෙන බව අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කලාය.
වැඩි විස්තර
වෛද්‍ය ඉරේෂා පතිරගේ මහත්මිය
0718582522

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න