ඔවුන් දන්නේ නෑ ඔවුන් කාට කඩේ යනවද කියලා. මැයි දිනය සමරණ දිනයේදී පමණක් රතු කමිස හැඳගෙන වේදිකාවල් දෑකැති මිටි ලාංඡනයෙන් සරසා ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ අන්තිම සිහිනයත් සුරා කෑමේ බලාපොරොත්තුවෙන් “රතු සහෝදරයින්ගේ” මැයි දිනයක් කැඳවනවා.
ඒ දින 365න් එක දිනකදී, රතු. සෙසු කාලයේ IMF හෝ මේ අය IMF එක නළවමින් සිටිති.
ඔවුන්ම මේකට “පුනරුදය” කියා නමක් ද දාගෙන ඇත.
ටෙලි වැකි කාරයා කියන්නේ සැමටම කලින් ඔහු ඇත්ත කිවූ බවත් ඔහු රටේ දිශානතිය වෙනස් කළ බවත්.
ලංකා ඉතිහාසයේ පාතාලය මේ තරම් හිස එස වූ කාලයක් නැති තරම්. දිනකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් වෙඩි තබා මරා දමනවා.
වෙනදාට සතියකදී අල්ලන මත්කුඩු දැන් දිනකදී අල්ලා ගනු ලබනවා.
පාලකයින් කතා කරන්නේ කුඩු නිසා ඇතිවන ව්‍යාසනය ගැන නොව වෙනදාට වඩා දැන් ඇල්ලීමේ දක්ෂතාවය ගැනයි.
ජනතාව මාළිමාවට බලය දුන්නේ සොරකම් කරන ලද ධනය මේ රටට ගෙන්වාගෙන ඒ මුදලින් රට සංවර්ධනය කිරීමයි.
නමුත් ආණ්ඩුව කියන්නේ ජනතාවගේ පරම අපේක්ෂාව සොරු ඇල්ලීමත් ඔවුන්ට සිර දඬුවම් දීමත් යන්නය.
මේ නයින් බලන කල ආණ්ඩුව සිහිගන්වන්නේ අපි ළමා කාලයේදී ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස ක්‍රියාත්මක කළ “හොරා පොලිස්” සෙළ්ලම වැඩිහිටියන් ලෙසද කරළියට නැංවීමයි.
අහෝ මැයි දිනය!
මේ මුග්ධයින් තව කොපමණ කාලයක්
මේ සෙළ්ලම කරාවිද?
-තෙවැනි ඇස-
01.05.2025