වරුණ ලියනගේ (එජාප) මහනුවර මහ නගර අපේක්ෂක
මහනුවර ඡන්ද දායකයන් ලබන හය වෙනිදා බොරුවට මුලා නොවී නිවැරදි තීරණයක් ගන්නා බවත්, එබැවින් මැතිවරණයටත් පෙර ජනතාගේ තීන්දුව කුමක්දැයි තමන්ට විශ්වාස බවත් මෙවර මහනුවර මහ නගර සභාවට එජාපයෙන් තරඟ කරන අපේක්ෂකයකු වන වරුණ ලියනගේ මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ ප්‍රදේශ ජන හමු කිහිපයක් අමතමි නි. මෙහි දී වරුණ ලියනගේ මහතා මෙසේ ද පැවසීය.
නගර සීමාව තුළ ජීවත්වන ජනතාවට සෘජුව ම වග කියන, ජනතා අවශ්‍යතා ප්‍රමුඛව ඉටු කරන ආයතනය මහ නගර සභාවයි. මහනුවර මහ නගර සභාවේ පාලනය දසක ගණනාවක් සාර්ථකව පවත්වා ගෙන ආවේ එජාපයයි.
වසර ගණනාවක් තිස්සේ මහනුවර නගර සභිකයෙකු ලෙස මා ප්‍ර දේශවාසි ජනතාවට ඉහළ සේවාවක් ඉටු කළේ එජාපය සමඟ කටයුතු කරමිනි.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මහනුවර අම්පිටිය නාගරික කොට්ඨාසයේ ජනතාවත් බලාපොරොත්තු වන්නේ ක්‍රමවත් පාලනයක් මෙන්ම එමගින් කාර්යක්ෂම සේවාවක් ඉටු කර ගන්නටයි.
බොරු නොකියන, නාස්තිය දුෂණය නැති, ඇත්ත කතා කරන, කෙළින් වැඩ කරන කණ්ඩායමක් සමඟ වසර ගණනාවක් තිස්සේ මහනුවර නගර සභිකයෙකු වශයෙන් ඉහළ සේවාවක් ඉටුකළ බව අම්පිටිය ප්‍රදේශවාසින් දන්නා කරුණක්.
අම්පිටිය උතුර කොට්ඨාසයට අයත් පීරිස්වත්ත, නුවරවෙල, අම්පිටිය ප්‍ර දේශවල ජනතාවට මා ඉටු කළ සේවා යළි යළිත් මතක් කළ යුතු නැත.
ජනතාවට සමීප ව වැඩ කළ හැකි අත්දැකීම් සහිත මා ගමේ ජනතාවට කළ බොහෝ සංවර්ධන වැඩ එළෙසම ඉදිරියටත් කරගෙන යෑම මාගේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙවරත් ඔබේ සහය අවශ්‍යයි.