විදේශීය රටක සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇතැයි සිතිය හැකි කහ පාට සහ කළු පාට ඉබ්බන් දෙදෙනෙකු පළමු වරට මෙරට දී හමුවී ඇතැයි මුතු රාජ වෙල අඩවිය කලාපභාර වනජීවි අඩවිය ආරක්ෂක ටෙනිසන් ප්‍රියවර්ධන මහතා පවසයි.
මෙම ඉබ්බන් දෙවර්ගය මෙරටදි මීට පෙර හමු වූබවට සාක්ෂි නොමැති බවත් මෙරට මුහුදු තීරයේදී සොයා ගැනීමට හැකිවූයේ පළමු වරට වන බැවින් මෙය විශේෂිත අවස්ථාවක් බව ඔහු සඳහන් කළේය.
වන ජීවී පනත යටතේ ඕනෑම රටක ජීවීන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවන් තහවුරු කරැනීමට පනතේ බලතල තිබෙන බැවින් මෙම ඉබ්බන් දෙදෙනා මෙරට මුහුදු සාගරේ සිටීම සම්බන්ධව බෙල්ලන්විල පශු වෛද්‍ය ඒකකය වෙත යැවීමටත් අදාළ සතුන් කුමන විශේෂයකට අයත් ද යන්න හඳුනා ගැනීමටත් එම බෙල්ලන්විල අත්තිඩිය පශුවෛද්‍යවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වනජීවී අඩවි ආරක්ෂක ටෙනිසන් ප්‍රියවර්ධන මහතා 29 වෙනි දින මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර්ශිමා ප්‍රේමරත්න මහත්මියවෙත වෙත කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.