ගරු මුහම්මදු සාලි නලීම් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙකු ලෙස ගරු මුහම්මදු සාලි නලීම් මහතා මෙලෙස පත් කරනු ලැබීය.
පසුගිය නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය. ඒ වන විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නමක් ගැසට්කොට නොතිබුණු අතර පසුගිය නොවැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ගරු මුහම්මදු සාලි නලීම් මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කොට තිබුණි. මේ අනුව ඒ මහතා අද දින දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීම සිදු කළේය.
මින් පෙර ඒ මහතා එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.





