දේශිය ඹෟෂධ මිල නියාමනය සම්බන්ධයෙන් මිල කමිටු දෙකක් මත තින්දු තීරණ ගැනීම නිසා සිදු වන බරපත මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සමහර මාධ්‍යවල පලවන තොරතුරු අසත්‍ය බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
අප කළ විමසුමක දී ඒ මහතා මෙසේ ද කීය.
නලින්ද යළි පණ දෙන්න හදන මිල කමිටු දෙකක ඖෂධ් මාෆියාව නිසා සෞඛ්‍ය අමාත්‍යංශයට බිලියන ගණනක පාඩුවක් යන මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්රවෘත්ති වැරදි බව ද ඒ මහතා කීය.
මිල කමිටු දෙකක් පසුගිය කාලයේ ක්‍රියාත්මක උනා. නමුත්, අපි බලයට ආ පසුව එය වෙනස් කර නව ක්‍රමවේදයකට අනුව විද්‍යාමකව එක් මිල කමිටුවක් හරහා ඖෂධ මිල තරණය කරන බව ද ඒ මහතා කීය.
මෙවැනි වැරදි සමාජ ගත වූ විට එය නිවැරදි කර ගන්න කාලයක් ගතවෙන බවද ඒ මහතා කීය.
මේ රටේ සමහර පුද්ගලයන්ගේ රස්සාව ඹෟෂධ ගැන වැරදි තොරතුරු කියා මාධ්‍යවලට අදහස් දැක්වීම. එය ඒ අයගේ රැකියාවක් බවට පත්ව තිබෙන බවත් ඒවා පිළිබඳව විස්වාස කරන්න එපා යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
සෞඛ්‍ය හෝ ඹෟෂධ යම් ප්‍රශ්ණයක් ඇති නම් අපෙන් නිලධාරිනගෙන් අහන්න. එත කොට නිවැරදි තොරතුරු අප රටට, ජනතාවට ලබා දෙන්නට නිරතුරුව ම කටයුතු කරන බව ද ඒ මහතා කීය.