මාතලේ සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් 02ක් 29 දා සොයා ගත් බව මාතලේ පොලිසිය කියයි.

 මාතලේ පොලිසියේ නිලධාරීන් ට ලැබුණු තොරතුරක් අනුව මෙම  ගිනිඅවිය සහ පතොරම් ගැබ් 02ක සොයා ගත් බව පොලිසිය කියයි

අදාළ ටී 56 ගිනිඅවිය මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න