මහියංගණය ප්‍රදේශයේ පාසල් ශීෂ්‍යාවන් දෙදෙනෙකු (26) දින පස්වරු සිට නිවෙස් වලින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 16 ක් වන මෙම පාසැල් සිසුවියන් දෙදෙනා මහියංගණය සේරාන,අරාවත්ත ප්‍රදේශයේ සහ දම්බරාව මහියංගණය යන ලිපිනයන් හි පදිංචි අයවලුන් වන බවද පොලිසිය කීය.
මෙම ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර පැවැත්වෙන ආපාස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අතර සුපුරුදු පරිදි (26) දිනද විභාගයට පෙනි සිටිම සදහා මහියංගණය දම්බරාව විද්‍යාලය වෙත යාමට පාසල් නිළ ඇදුමෙන් නිවසින් පිටව ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.
එලෙස ගිය ඔවුන් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මහියංගණය පොලිසිය වෙත පැමින රාත්‍රි පැමිණිල්ලක් ඉදිරිපත් කල බවද පොලිසිය සදහන් කළේය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රපොප චන්දන වීරසිංහ මහතා යටතේ මෙම සිසුවියන් සොයා වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවසිය