බ්‍රිතාන්‍යයේ ඈන්‌ කුමරිය අද (11) ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන්‌ වහන්සේ වැද පුදා ගත්තාය..

වැඩබලන දියවඩන නිලමේ මගින්ද දෑල මහතා පිච්ච මල්‌ වට්ටියක්‌ ලබා දෙමින්‌ ඈන්‌ කුමරිය පිළිගත්‌ අතර මෙම වර්ෂයේදී රාජකීය අමුත්තෙකු ශ්‍රී දළදා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. මෙම අවස්ථාව සඳහා මධාම පළාත්‌ ආණ්ඩුකාර නීතිඥ ලලිත්‌ යූ.ගමගේ මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක්‌ සගභාගී වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න