වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටිය දී පහර කෑමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නැමැති තරුණයාගේ මරණ පරීක්ෂණට අදාලව පුද්ගලයන් විසි දෙදෙනෙකුගෙන් සාක්ෂි කැඳවීමට අවශ්ය  පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක  මහේස්ත්රාෙත් මංජුල රත්නායක මහතා (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය් ඝාතන විමර්ශන ඒකකයට නියෝග කළේය.

සිද්ධියට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 දින ආරම්භ කෙරෙන බවත් එදිනට 1 සිට 5 දක්වා නම් කර ඇති සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්රාුත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කෙරුණි. සිද්ධියට අදාළව සාක්ෂිදීම සඳහා වැලිකඩ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු සාක්ෂිකරුවන් විසි දෙදෙනෙකු නම්කර ඇති බැවින් 1 සිට 5 දක්වා සාක්ෂි කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසට පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න