මේ වන විට රටේ පවතින ඩෙංගු උවදුර පාලනය කරන්නට විද්‍යාමක ක්‍රමවේදක් විධිමත්ව ක්‍රියාත්මක නො කරන්නේ නම් මේ වසරේ නොවැම්බර්-දෙසැම්බර් වන විට රටේ බරපතල ඩෙංගු අවදානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටිති.

මේ නිසා ජනතාව මෙන්න වගකිව යුතු  සියලුම පිරිස් මේ සඳහා දැඩි අවදානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ජාතික මදුරු මර්දන සතියට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක දී මෙම කරුණු අනාවරණය විය.

ජාතික මදුරු මර්දන සතියට සමගාමීව පරීක්ෂා කල පරිශ්‍ර සංඛ්‍යාව  22318 ක් බවත් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සංඛ්‍යාව  4481 හඳුනා ගත් බව ද එම ස්ථානවල මදුරු කීටයන් සහිත ස්ථාන    744 හඳුනා ගත් බව ද  සෞඛ්‍ය අමාත්‍යංශයේ මදුරු මර්දන අංශය පැවසීය.

දළ වශයෙන් ගෙවල් පහකින් එකක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගත් බව ද අමාත්‍යංශය සඳහන් ය.

රට පුරා සේවයේ නියුතු කීට විද්‍යා නිලධාරීන්ගේ අදහස් වන්නේ පළාත් පාලන ආයතන මැදිහත් වීම තුළ නොදිරන ද්‍රව්‍ය ඉවත් කිරීම මදුරුවන් බෝවන ස්ථානවලට කීට නාශක රසායනික ද්‍රව්‍ය යෙදීම වගේ ක්‍රියාකාරකම්වලට යා යුතු බවත් එසේ නො කළ හොත් නොවැම්බර්-දෙසැම්බර් ඩෙංගු කාලයේ දි රටේ බරපතල ඩෙංගු අවදානමක් ඇති විය හැකි බවයි.

සමහර පාසල් ද, ආගමික ස්ථානවල ද,  ඉදිකිරීම් වැඩබිම්  මදුරු කීටයන් වර්ධනයට හැකි ස්ථාන හඳුනා ගෙන එය මර්දනයට කටයුතු යෙදිය යුතුව තිබෙන බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය අංශ මේ මොහොත වන විට සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  ජාතික මදුරු මර්දන සතිය මෙහෙයුම් දියත් කිරීම ජනතාවට වැදගත් නිසා මේ සම්බන්ධයෙන් ජනතාවගේ සහයෝගය ලබා දිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

කොළඹ තත්ත්වය ද  සතුටුදායක මට්ටමකට ලඟා කර ගැනීමට තව  තවත් මහජනතාව ඇතුළු සියළු පාර්ශ්ව වල කැපවීම  අවශ්‍ය බව සෞඛ්‍ය අවධාරණය කෙරේ.

සමහර උසාවි සංකීර්ණ ආශ්‍රිතව සහ පොලිස් ස්ථාන ආශ්‍රිතව ගොඩ ගසා ඇති නඩු භාණ්ඩ ආශ්‍රිතව මදුරුවන් බෝ වීම අවම කර ගැනීමට  පියවර ගතයුතු බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. ඩෙංගු වැඩිම අවදානම රත්නපුරයේ දැකිය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා මෙසේ පැවසීය.

අප රටේ කීට විද්‍යා නිලධාරින් සිටින්නේ 102 ක් පමණයි. මේ පිරිස මගින් අප සිදු කළ යුතු සියලුම වැඩ සිදු කරමින් සිටිනවා.

මේ වන විට මදුරු සතිය තුළ මඳුරුවන් පාලනයට රජය සිදු කරන්නේ භෞතික පාලන ක්‍රමවේදයක්. මෙයත් වැදගත්. නමුත්, පාරිසරික ජෛව පාලන ක්‍රම දිගු කාලීනව සැලසුම් සහගතව සිදු කළ යුතුව තියනවා.

මෙය ක්‍රම ක්‍රමයෙන් සැලසුම් සහඟත ව සිදු කළ යුතුයි. ජනතාව දැනුවත් කරන්නට උවමනායි. තවම ජනතාව මේ සම්බන්ධයෙන් නො දන්නා වු පරිසරයක මදුරු පාලනයට ගමන් කරන්න අසීරුයි.

ඒ නිසා මදුරුවෝ බෝවන ස්ථාන එම පරිශ්‍රයන් හඳුනා ගන්නට හැකි ආකාරය මදුරුවගෙන් ආරක්ෂාවන තත්ත්වය ඇත්තටම මදුරුවන් බෝවන් ස්ථාන සම්බන්ධයෙන් හා විවිධ සාධක මං ඔස්සේ වැඩි වැඩි වශයෙන් ජනතාව දැනුවත් කරන ගමන් මෙයට කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන වැඩසටහන් දියත් කළ යුතුව තියනවා.

මේ සඳහා සෞඛ්‍ය නිලධාරින් වෛද්‍යවරු වාගේම සියලුම පිරිස් එක්ව මෙම මඳුරු මර්දන ක්‍රියාත්විතයකට ගමන් කළ කරන්නට අපට ජනතාවට රටට හැකි නම්  මඳුරු පාලනයක් පාලනයක් රටේ ඇති කර ගත හැකියාව තිබෙනවා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න