නෙළුම් දිනයේ පදිංචි අජිත් සමන්තිලක නමැත්තකු විසින් අද දින (26) මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වැවරවුමේදී විවෘත වේදිකාව නමින් නාට්‍යයක යෙදෙමින් ඔහු ජනාධිපතිතුමන්ට හා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන්ගෙන් පරිසරයට වන හානියද පෙන්වා දුන් ආකාරය හරිම අපූරුයි.

ඔහු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පොල් රා කිතුල් රා හා ගංජා නීතිගත කොට දේශීය නිෂ්පාදනයක් වශයෙන් එම කර්මාන්තවල නියැලෙන්නන්ට යම්කිසි වැඩපිළිවෙළක් සකසා ඔවුන්ට එම ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අත්වැලක් වන ලෙසයි.

එයින් එම දේශීය කර්මාන්තය රටේ අනාගතය උදෙසා යම්කිසි පිටුවහලක් වනු නියතය.

තවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම මත්ලෝලීන් අරක්කු බියර් වැනි දෑ පානය කොට ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් වැනි අපරාධ ගණනාවක් ඔවුන් අතින් සිදුව ඇති බවත් එම මත් ලෝලීන් විසින් එම මත්ද්‍රව්‍ය භාවිතා කොට එම කෝප්ප සහ බෝතල් වැනි දෑ තැනින් තැන වීසිකොට දමා යන බැවින් එයින් පරිසර දූෂණය හා ඩෙංගු කීටයන් බෝ වීමේ අවධානම ඇති බැව් ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න