පලවෙනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි අධිනීතීඥ ක්‍රිසාන්ත නිස්සංක මහතා විසින් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා බුදු පිළිමවහන්සේ නමක් ලඟ තබා ගැනීම එනයින් නීති විරෝධී නොවන බවත්, එම පිළිමය පුරා විද්‍යාත්මක වටිනාකමක් නැති බුදු පිළිමයක් හෙයින් 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතෙ 15 ඇ සහ 15 ඈ වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවත්, එලෙස අත්අඩංගුවට ගැනීම තුලින් පොලිස් නිලධරියා විසින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය කඩ කර ඇති බවත් බුද්ධ සාසන නීතිය උල්ලංඝණය කිරීමෙන් පොලිසිය විසින් ව්‍යවස්ථාපිත නීතිය කඩ කර ඇති බවත් දණ්ඩනීති සංග්‍රහයේ 289 වැනි වගන්තිය සමග කියවෙන ශ්‍රේෂ්ඨාධිකරණය ආයුර්වේද තීරණ නඩුව යටතේ (යොමුව 🔗 https://supremecourt.lk/wp-content/uploads/2023/12/ayurveda_determination.pdf)
තම සේවාදායකගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව සදහන් කර තිබෙනවා.
විත්තියේ කරුණු සලකා බැලු මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත් තුමන් විසින් දෙසැම්බර් 24 දින නඩු අංක බී.ආර්. 11421/24 නඩුවේ සැකකරුවන් තිදෙනා මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
බුදු පිළිමයක් ලඟ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් නිධන් වස්තු ලඟ ගත්තේ යැයි චෝදනා ලැබ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අධිනීතීඥ ක්‍රිසාන්ත නිස්සංක මහතා විසින් කරුණු දැක්වීමෙන් පසුව මොණරාගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (24) මුදාහැරි බව අපගේ මොණරාගල ප්‍රදේශීය වාර්තා කරු සදහන් කලා. පලවෙනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි අධිනීතීඥ ක්‍රිසාන්ත නිස්සංක මහතා විසින් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා බුදු පිළිමවහන්සේ නමක් ලඟ තබා ගැනීම එනයින් නීති විරෝධී නොවන බවත්, එම පිළිමය පුරා විද්‍යාත්මක වටිනාකමක් නැති බුදු පිළිමයක් හෙයින් 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතෙ 15 ඇ සහ 15 ඈ වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවත්, එලෙස අත්අඩංගුවට ගැනීම තුලින් පොලිස් නිලධරියා විසින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය කඩ කර ඇති බවත් බුද්ධ සාසන නීතිය උල්ලංඝණය කිරීමෙන් පොලිසිය විසින් ව්‍යවස්ථාපිත නීතිය කඩ කර ඇති බවත් දණ්ඩනීති සංග්‍රහයේ 289 වැනි වගන්තිය සමග කියවෙන ශ්‍රේෂ්ඨාධිකරණය ආයුර්වේද තීරණ නඩුව යටතේ (යොමුව 🔗 https://supremecourt.lk/wp-content/uploads/2023/12/ayurveda_determination.pdf) තම සේවාදායකගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව සදහන් කර තිබෙනවා. විත්තියේ කරුණු සලකා බැලු මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත් තුමන් විසින් දෙසැම්බර් 24 දින නඩු අංක බී.ආර්. 11421/24 නඩුවේ සැකකරුවන් තිදෙනා මුදා හැරීමට නියෝග කර තිබෙනවා.