බුත්තල බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ රියදුරෙකු කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් මොනරාගල දී මත්කර මුදල් සහ දේපළ (27) වෙනිදා කොල්ලකා ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
බුත්තල උඩගම පාසල් මාවත පදිංචි හැටහත් හැවිරිදි ත්‍රීරෝදරථ රියදුරු ඔහුට අයත් අංක UPAAT 2219 දරණ ත්‍රීවීල්රථයේ බුත්තල ත්‍රීරෝද රථ ගාලේ සිටියදී ඊට පෙර දිනයකදී හඳුනාගත් තරුණයින් තිදෙනෙකු ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මොනරාගල නගරයට යාමට අවශ්‍ය බව පවසා බුත්තල නගරයේ මොනරාගල හෝල්ට් එකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.