නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගත බව නාවික මධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

නාවික හමුදාව තලෛයිමන්නාරම කල්පිටිය සහ මීගමුව මුහුදු ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ හයසිය හතලිස් තුනයි (643) ග්‍රෑම් තුන්සිය අසූවක (380) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය සමඟ ඩිංගි යාත්‍රාව මන්නාරම හා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සහ කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න