බස් ආසන පටි කතාව තුළින් රටේම පට් රෝල් වෙයි ද?  බස් හිමියෝ පවසති!

පොලිසිය අකුරටම පටියට තරු පටි එක්ක ම පාරට බසී! පොලිසිය සීරුවෙන්!

පැරණි බස් වල පටි ගහන්න අමාරුයි. ඒවාගේ පහසුකම් නෑ.

අලුත් බස් වල  පටි කතාවට කැමැතියි. මගින්ගේ හා රියදුරුගේ ආරක්ෂාවට මෙය ක්‍රියාත්මක කරනවාට විරුද්ධ නෑ. පොදු බස් රථ සංගමයේ සමන්ත රණසිංහ කියයි!

රජයේ බස් පටි කතාව හොඳයි ! නමුත් කල් දෙන්න කියා ඉල්ලනා රට පුරා බස් සංගම් හිමියෝ පවසති!

ලබන මස පළමු වැනිදා සිට සියලුම බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, මෝටර් රථ පනතේ ප්‍රතිපාදනවලට අනුව, 2011 වසරේ ගැසට් නිවේදනයක් මගින් රියදුරන්ට ආරක්ෂක ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇති බවයි. මෙම නීතිය බස් රථ රියදුරන්ටද ලබන මස සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

මේ අතර, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තුබුනේ  ලබන මස පළමු වැනිදා සිට බස් රථවලින් ටිකට්පත් නිකුත් කිරීම අනිවාර්ය කරන බවයි. මෙම තීරණය මගින් මගීන්ගේ ගමන් බිමන් වඩාත් විධිමත් හා ආරක්ෂිත කිරීම අපේක්ෂා කෙරේ.

බස් රථ  රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

එහි සභාපති ගැමුණු විජේරත්න අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි.

මෙම තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුව ද ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි.

පොලිසිය අකුරට ම මෙය ක්‍රියාත්මක කරනවා පොලිසිය කියයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න