අම්පාර මහා රෝහලේදි පසුගිය 15 වෙනි දින අඩු බර උපත් දරුවන් පස් දෙනෙකු  සාර්ථක සිසේරියන්  සැත්කම් දෙකකින් බේරා  ගැනිමට හැකිවු බව අම්පාර මහා රෝහලේ ප්‍රසව සහ  නාරි විශේෂඥ වෛද්‍ය තරිදු එදිරිසුරිය මහතා පැවසිය.

ඊයේ 15  සවස එක් මවකට සිසේරියන් සැත්කමක්  හදිසියේම සිදුකල අතර එම මවට නිවුන් දරුවන් දෙ‍ෙදනෙකු හමුවි තිබේ මෙම දරුවන් දෙදෙනාම සති 30 ක් වයසැති දරුවන් බව සදහන් කලේය.

එම සැත්කම සාර්ථකව අවසන්වු පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රොහලේ සිට අම්පාර මහා රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදුකල අතර එම මවට තුන්  නිවුන් දරුවන් හමුවි තිබේ.එම දරුවන් සති 29 වයසැති දරුවන් වු  බවද ප්‍රසව සහ  නාරි විශේෂඥ වෛද්‍ය තරිදු එදිරිසුරිය මහතා කීය.

අම්පාර වැනි රෝහලක එක් දිනකදී එවැනි දරු උපත් සිදුවිම විරල සිද්ධියක් බව ද ඔහු සදහන් කලේය.කෙසේ වෙතත් මෙම දරුවන් පස්දෙනාම  සුවසේ සිටින බවද පැවසිය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න