ශ්‍රී ලංකා මහ බැංකුවේ, මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් කාලයේදී, මූල්‍ය ගනුදෙනු කරන ආයතන 02ක් වෙත පරිපාලනමය දණ්ඩන පැනවීමෙන් රුපියල් මිලියන 03ක දඩ ආදායමක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය 27 වෙනිදා නිකුත් කළ වාර්තාවක සඳහන්.
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූළව කටයුතු කිරීමට අපොහොසත් ආයතන වෙත, දණ්ඩන පනවා අදාළ දඩ මුදල් අයකර ගත් බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, 2006 අංක 06 දරන, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද, රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මූල්‍ය ආයතනයකට රුපියල් මිලියන 2 දෙකක දණ්ඩනයක් දෙසැම්බර් 18 වෙනිදා පනවා ඇත. එකී දඩ මුදල අදාළ ආයතනය විසින් 2024 දෙසැම්බර් 31 වෙනිදා, ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවා ඇත.
එමෙන්ම, 2006 අංක 06 දරන, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද, රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූළ නොවීම හේතුවෙන්, මුදල් ගනුදෙනු කරන තවත් ආයතනයකට රුපියල් මිලියන 01ක දඩයක් දෙසැම්බර් 18 වෙනිදා පනවා ඇත. එකී දඩ මුදල අදාළ ආයතනය විසින් දෙසැම්බර් 30 වෙනිදා ගෙවා ඇත.